'මිස්ටර් ශ්‍රී ලංකා - බෙස්ට් මොඩල් ඔෆ් ද වර්ල්ඩ්‘ තරගාවලියේ 2004 වසරේ පිරිමි අංශයේ ජයග්‍රාහකයා වූ කෝකිල නවරත්න මහතා කොවිඩ් 19 වයිරසය ආසාදනය වී ප්‍රතිකාර ලබමින් සිටියදී පසුගිය 10 වනදා අභාවප්‍රාප්ත විය.
මිය යන විට 49 වන වියේ පසුවූ ඔහු මහරගම වාසය කළේය. විය. මහරගම කොකි ජීම්නේසියම් කායවර්ධන සහ ශරීර සුවතා මධ්‍යස්ථානය ද ඔහු පවත්වාගෙන ගියේය.
කොවිඞ් 19 ආසාදනය වූ පසු ඔහු පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී
රෝගී තත්ත්වය උත්සන්න වීමෙන් කොළඹ ජාතික රෝහලට මාරු කර එහි සති දෙකක කාලයක් ප්‍රතිකාර ලබමින් සිටියදී මෙසේ මියගියේය.
නවරත්න මහතා, සිරිමාවෝ බණ්ඩාරනායක මහත්මියගේ රජය සමයේ අරලියගහ මන්දිරයේ ප්‍රධාන ඡායාරූප ශිල්පියා ලෙස කටයුතු කළ කේ.පී. නවරත්න මහතාගේ දෙවැනි පුත්‍රයා ද වේ.
නවරත්න මහතාගේ අවසන් කටයුතු කොවිඩ් සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව සිදු කෙරිණි
Comments
Post a Comment
Your comment will be visible after approval