කොත්තු, ෆ්‍රයිඩ් රයිස් සහ කිරි තේ වල මිල රුපියල් 10 කින් ඉහළ නැංවීමට ආපනශාලා හිමියන්ගේ සංගමය ඊයේ (11) රාත්‍රී සිට පියවර ගන්නා ලදි.
තිරිඟු පිටි, කිරිපිටි සහ ගෑස් මිල ඉහළ යාම හේතු වශයෙන් දක්වා ඇත.
සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයද පාන් මිල ඊයේ (11) රාත්‍රියේ සිට වැඩි කිරීමට තීරණය කළ බව දන්වා තිබේ. ග්‍රෑම් 450ක පාන් ගෙඩියක් රුපියල් 5කින් මිල ඉහළ දමා ඇත.
තිරිඟු පිටි, ගෑස් සහ බේකරි නිෂ්පාදන සඳහා යොදා ගන්නා අමුද්‍රව්‍යවල මිල ඉහළ යාම හේතුවෙන් පාන් මිල ඉහළ දැමීමට පියවර ගත් බව සංගමයේ සභාපති එන්.කේ. ජයවර්ධන මහතා පැවසුවේය.
මේ අවස්ථාවේ සෙසු බේකරි නිෂ්පාදනවල මිල ඉහළ දැමීමක් සිදුනොවන බව සඳහන් කළේය.
Comments
Post a Comment
Your comment will be visible after approval