පාර්ලිමේන්තු මන්ත්‍රිනී ඩයනා ගමගේ සමගි ජනබලවේගයේ සාමාජිකත්වයෙන් ඉවත්කිරීමට තීරණය කළ බව පක්ෂ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා අද පවසා තිබේ.
සමගි ජන බලවේගයේ විනය කමිටු තීරණය අනුව පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය මෙම තීරණයට එළඹ ඇත්තේ 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත කර ගන්නා අවස්ථාවේදී සජබයේ ස්ථාවරය නොතකමින් ආණ්ඩු පක්ෂයට පක්ෂව ඇය ඡන්දය ප්‍රකාශ කළ නිසාය.
පක්ෂයේ නම සජිත් පිල වෙනුවෙන් ලබාදීමට ඉදිරිපත්වීම නිසා සමගි ජන බලවේගයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් ඩයනා ගමගේ මහත්මියට හිමිවූ අතර පසුව ඇය තම හිතු මනාපයට කටයුතු කළාය.
20 සංශෝධනය පමණක් නොව ඉන් පසු පැවති සෑම ඡන්ද විමසීමකදීම ඇය සජබයේ මතයට විරුද්ධව ඡන්ද ලබාදී ඇත.
කෙසේ වෙතත් ඇය පක්ෂයෙන් නෙරපීම මන්ත්‍රී ධුරයට ගැටලුවක් ඇති කර නැත.
Comments
Post a Comment
Your comment will be visible after approval