පසුගිය කාලයේ ඉන්දියාවේ වැඩි වශයෙන් වයාප්තවූ කොවිඩ් නිව්මෝනියා හා සම්බන්ධ කලු දිලීර සංකූලතා හේතුවෙන් ලංකාවේද මරණයක් වාර්තා වී ඇති බැව් ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ අධිකරණ වෛද්‍ය අංශයේ ප්‍රධානි විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරී රොහාන් රුවන්පුර පවසයි.
කොවිඩ් නිව්මෝනියාව නිසා සැප්තැම්බර් මස 29 වන දින මිය ගිය 56 හැවිරිදි වියේ පසුවන ඇල්පිටිය අයෙකුගේ සාම්පල වැඩිදුර පරීක්ෂාවේදී පෙනහැල්ලේ කලු දිලීරය ආසාදනය වී ඇති බවට තහවුරු වී ඇති බව වෛද්‍යවරයා දන්වා සිටියේය.
වෛද්‍ය පර්යේෂණායතනයේ දිලීර පිළිබඳ විශේෂඥ වෛද්‍ය ත්‍රිමාලි ජයසේකර මෙය සහතික කරන ලදි.
මියගිය පුද්ගලයාගේ පශ්චාත් මරණ පරීක්ෂණය ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ සහකාර අධිකරණ වෛද්‍ය
නිලධාරි සමාධි දන්දෙණිය සිදු කළාය.
Comments
Post a Comment
Your comment will be visible after approval