ඇමරිකාවේ හිටපු රාජ්‍ය ලේකම් කොලින් පවල් අභාවයට පත්වූ පසුව ඔහු ගැන ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ 'පිළිකුල් සහගත' ප්‍රකාශයක් හේතුවෙන් දැඩි විවේචන එල්ල වී තිබේ.

එක්සත් ජනපදයේ ප්‍රථම කළු ජාතික රාජ්‍ය ලේකම් සහ ඒකාබද්ධ මාණ්ඩලික ප්‍රධානිවූ පවල්, වයස අවුරුදු 84 දී COVID-19 සංකූලතා හේතුවෙන් අභාවප්‍රාප්ත විය. ‘ශ්‍රේෂ්ඨ ඇමරිකානුවකු අහිමි වී ඇති’ බවට මාධ්‍ය තුළ ඒ ගැන විශාල කථාබහක් ඇති විය.
ඇමරිකානු විදේශ ප්‍රතිපත්තිය සකස් කිරීමේදී පසුගිය රිපබ්ලිකන් පරිපාලන තුළ ඔහුගේ නායකත්වය තීරණාත්මක විය.


කෙසේ වෙතත් ට්‍රම්ප්ගේ ජනාධිපති ධුරය සමග තමාට තවදුරටත් රිපබ්ලිකන් පාක්ෂිකයෙකු ලෙස හැඳින්විය නොහැකි බව පවල් පැවසූ අතර, ඔහු අනෙක් පැත්තට වැඩ කළේය.

අයහපත් භාවිතය නිසා මේ වනවිට හිටපු ජනපති ට්‍රම්ප්ට ට්විටර් දින නියමයක් නොමැතිව තහනම් කර තිබෙන නිසා ඔහුට සිය ප්‍රකාශයන් නිල වශයෙන් නිකුත් කිරීමට වෙනත් මාධ්‍ය කරා යායුතුව තිබේ.
ඇමරිකාවේ හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ජෝර්ජියාවේ ඇලමි පෙරීහි පැවති රැලියකට සහභාගී වෙමින් පවල්ව විවේචනය කළ අතර ඔහු පුවත්පත් නිවේදනයක්ද නිකුත් කරමින් පවල්ගේ මරණය පිළිබඳව අදහස් දක්වා ඇත.
‘ඉරාකයේ විශාල වැරදි සිදු කළ ප්‍රසිද්ධ, විනාශකාරී ආයුධයක් ලෙස හැඳින්විය හැකි කොලින් පවෙල්ට ව්‍යාජ ප්‍රවෘත්ති මාධ්‍ය මඟින් ලබාදෙන ප්‍රචාරය විමතිදායකය. ඔහුගේ මරණය ඉතා අලංකාර ලෙස සලකනු දැකීම පුදුම සහගතය. කවදා හෝ මටත් එය සිදු කරනු ඇතැයි යැයි බලාපොරොත්තු වෙමි,
‘ඔහු සම්භාව්‍ය රිනෝ රිපබ්ලිකන් වාදියෙකු වුවද, අනෙක් රිපබ්ලිකානුවන්ට ප්‍රහාර එල්ල කරන සෑම විටම පළමුවැන්නා විය. ඔහු වැරදි රාශියක් සිදු කර ඇත, කෙසේ නමුත් මා පතන්නේ ඔහු සාමදානයේ සැතපේවා!  ලෙසයි'


පවෙල්ගේ මරණයට ට්‍රම්ප්ගේ ප්‍රතිචාරය දැඩි ලෙස විවේචනයට ලක් වූ අතර,

නිව් යෝර්ක් ටයිම්ස් හි මැගී හබර්මන් ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින්,

‘කෙනෙකුගේ මරණය ගැන කරුණාවන්ත වීමට අපට අවස්ථාවක් ලබා දී ඇත, නැතහොත් කිසිවක් නොකියන්න, ට්‍රම්ප්ගේ ප්‍රතිචාරය තීරණාත්මක වෙනස් මාවතක්. එය අහිතකරයි‘


ලෙස සඳහන් කළේය.
එම්එස්එන්බීසී හි මාධ්‍යවේදී මෙහදි හසන් මෙසේ  ලිවීය,

 ‘ප්‍රජාතන්ත්‍රවාදියෙකු සහ විශේෂයෙන් කණ්ඩායම් සාමාජිකයෙකු වූ පවෙල්ගේ මරණය සමච්චලයට ලක් කරමින් මෙවැනි ප්‍රකාශයක් කළේ නම්, සිතා බලන්න.එ් ට්‍රම්ප් ය, ඔහු සෙසු ලෝකයට හාත්පසින්ම වෙනස් වක්‍රයක් මත ශ්‍රේණිගත කරවනු ලැබූවෙකි. '


(යුනිලැඩ් ඇසුරිනි -  Gossiplankanews.com)