
ඒ අනුව, ටියුනීසියාවේ අග්‍රාමාත්‍ය ධුරයට පත්වන පළමු කාත්තාව වන්නේ ද රොම්දානේය. ටියුනීසියාව ජාතික අර්බුදයකට මුහුණ දී සිටී. රොම්දානේ අග්‍රාමාත්‍ය ධුරය බාර ගන්නේ අභියෝග රැසක් මධ්‍යයේ යැයි දේශපාලන විශ්ලේෂකයෝ පෙන්වා දෙති. ටියුනීසියා රජය කෙරෙහි ජනතා අප්‍රසාදයෙ ඉහවහා යමින්, එරට දේශපාලන අර්බුදය උත්සන්න වූයේ පසුගිය ජූලි මාසයේදීය.
ඒ, ජනාධිපති කායිස් සයීඩ් සිය විධායක බලතල අනුව අග්‍රාමාත්‍යවරයා ඇතුළු රජය විසුරුවා පාර්ලිමේන්තුවේ කටයුතු තාවකාලිකව අත්හිටුවීමෙන් පසුවය.නව රජයක් කඩිනමින් පිහිටුවන්නැයි ජනාධිපති කායිස් සයීඩ් ට දේශීය වශයෙන් පමණක් නොව විදේශීය වශයෙන් ද දැඩි පීඩනයක් එල්ල වී තිබේ. නව රජයක් පිහිටුවීම වනනජ්ලා බෞඩීන් රොම්දානේට කළ හැකි බව තමන්ගේ විශ්වාසය යැයි ජනාධිපතිවරයා පවසා තිබේ.

Comments
Post a Comment
Your comment will be visible after approval