මයික්‍රසොෆ්ට් හිමිකරු බිල්ගේට්ස්ගේ 66 වන උපන්දිනය වෙනුවෙන් ඔහුගේ දියණිය ජෙනිෆර් තම පියා සමඟ ඇගේ මිහිරි ඡායාරූපයක් බෙදා ගනිමින් පුදුමයට පත්කර තිබේ.
මෑතකදී විවාහ දිවියට පිවිසි ඇය එම විවාහ දිනයේදී පියා අසළට මල් කළමක් රැගෙන එමින් සිටියදී ලබාගත් ඡායාරූපය විශේෂ සටහනක් සමග හුවමාරු කරමින් මෙම පුදුමය ජනිත කරවා තිබේ.
ගෙවුණු වසරේ සිදුවූ අමිහිරි සිදුවීම් වලින් පසු බිල් ගේට්ස් සිය බිරියගෙන් වෙන්වී සිටින අතර කැඩුණු පවුලේ දරුවන් සමග ඔහුගේ ඇසුරෙහි වෙනසක් සිදුව නැත.
සැමවිටම නිහතමානී සහ සන්සුන් ස්වභාවයකින් යුක්ත ඔහු ‘පවුලේ මිනිසෙකු‘ ලෙස මාධ්‍ය මගින් හඳුන්වා තිබේ.
බිල් ඇගේ වැදගත්ම දවසේ තම දියණිය සමඟ කාලය ගත කිරීමට ගිය බව අසන්නට ලැබේ.
Comments
Post a Comment
Your comment will be visible after approval