අනුරාධපුර දිස්ත්‍රික්කයේ පාසල් කිහිපයක ගුරු විදුහල්පති හා සිසුන්ට කොවිඩ් ආසාදනය වී ඇති බව අනාවරණය වීම නිසා එම විද්‍යාල හා පන්ති කිහිපයක් තාවකාලිකව වසාදමා ඇත. ඔවුන්ගේ ආශ්‍රිතයින් ස්වයං නිරෝධායනයට ලක්කර තිබේ. පසුගිය දින කිහිපයේ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණවලින් ළමයින් 24 දෙනකුට කොවිඩ් ආසාදනය වී ඇති බවට තහවුරු වී ඇතැයි අනුරාධපුර වසංගත රෝග විද්‍යා ආර්.එස්.බී. බණ්ඩාර ප්‍රකාශ කර තිබේ.
නොච්චියාගම අධ්‍යාපන කලාපයේ නොච්චියාගම බණ්ඩාරනායක ප්‍රාථමික විද්‍යාලයේ විදුහල්පතිවරයා හා තුනවැනි ශ්‍රේණියේ සිසුවකුට කොවිඩ් ආසාදනයවී ඇති අතර එම පන්තිය තාවකාලිකව වසාදමා තිබේ. මීට අමතරව කැකිරාව කැලෑව සුමන ප්‍රාථමික විද්‍යාලයේ සිසුවකුට කොවිඩ් ආසාදනයවී ඇති බව තහවුරු කර ගැනීමෙන් පසු එම පන්තිය තාවකාලිකව වසාදමා ආශ්‍රීතයින් ස්වයං නිරෝධායනයට ලක්කර තිබේ.
පහළ හල්මිල්ලෑව විද්‍යාලයේ සිසුවකුටත් ආසාදනයවී ඇති බව තහවුරුවී ඇත. අනුරාධපුර ස්වර්ණපාලි බාලිකා ජාතික පාසලේ ගුරුවරුන් දෙදෙනකුට කොවිඩ් ආසාදනයවී ඇති බවද වාර්තාවේ.
පෙරේදා (27 වැනිදා) පමණක් අනුරාධපුර, රඹෑව, පදවිය, කැකිරාව, කහටගස්දිගිලිය යන ප්‍රදේශවල සිදුකළ අහඹු රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණවලින් කොවිඩ් ආසාදිතයන් එකසිය දහඅටදෙනකු (118) හඳුනාගෙන තිබේ. ඔවුන් ප්‍රතිකාර සඳහා මධ්‍යස්ථාන වෙත ඇතුළත් කොට ඇත.
නිරෝධායන ඇඳිරි නීතිය ඉවත් කිරීමෙන් පසු ගත වූ කාලය තුළ අනුරාධපුර දිස්ත්‍රික්කයේ කොවිඩ් ආසාදිතන් දෙදහස්පන්සියයක් පමණ වාර්තා වී ඇත.
Comments
Post a Comment
Your comment will be visible after approval