Why-did-the-Indian-Foreign-Secretary-inspect-the-oil-tanks-in-Trincomalee

මෙරට නිල සංචාරයක නිරත ඉන්දීය විදේශ ලේකම් ශ්‍රී හර්ෂ් වර්ධන් ෂ්‍රිංග්ලා මහතා ඊයේ (03) දහවල් ත්‍රිකුණාමලය තෙල් ටැංකි සංකීර්ණයේ විශේෂ නිරීක්ෂණ චාරිකාවක නිරත වූ බව මෙරට ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය කියා සිටී.

පහළ ටැංකි සංකීර්ණයේ සංවර්ධන කටයුතු සහ ශ්‍රී ලංකාවේ බලශක්ති සුරක්ෂිතතාවය ඉහළ නැංවීම සඳහා ඉන්දු-ශ්‍රී ලංකා බලශක්ති සහයෝගීතාවය තවදුරටත් ශක්තිමත් කිරීමේ හැකියාවන් සම්බන්ධයෙන් ලංකා අයි.ඔ.සී (LIOC) ආයතනය බලධාරීහු ඉන්දීය විදේශ ලේකම්වරයා දැනුවත් කළේය.



ඊට එක්වෙමින් ඉන්දීය විදේශ ලේකම්වරයා සඳහන් කළේ මෙම අවස්ථාවට එක්වීමට ලැබීම සිය සතුටට කරුණක් බවය.

මේ අතර ලංකා අයි.ඔ.සී ආයතනයේ හි නව නිෂ්පාදනයක් වන ‘Servo Pride ALT 15W- 40’ එළිදැක්වීම ද ඉන්දීය විදේශ ලේකම්වරයා ගේ ප්‍රධානත්වයෙන් එදින සිදු කෙරිනි.

මේ අතර ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි 99ක සංකීර්ණය ඉන්දීය සමාගමකට දීර්ඝකාලීනව බදු දීම සදහා කටයුතු කරන බවට පළවන වාර්තා සම්බන්ධයෙන් විදේශ අමාත්‍ය ජී එල් පීරිස් මහතා අදහස් පළ කර තිබේ.

ඔහු පවසන්නේ දැනට එම ව්‍යාපෘතිය පිළිබඳ සාකච්ඡා සිදු කරමින් බවත් අවසන් මෙතෙක් අවසන් තීරණයකට එළැඹ නැති බවත්ය.

රජයක් ලෙස අත්තනෝමතික කටයුතු කිරීමට අදහසක් නැති බව ද ඔහු පැවසීය.

මේ අතර ඛනිජ තෙල් වෘත්තිය සමිති චෝදනා කරන්නේ ඉන්දීය සමාගමක් වෙත මෙම තෙල් ටැංකි සංකීර්ණය ගිවිසුමක් මගින් ලබාදීමට සූදානම් වන බවයි.

එමෙන්ම තෙල් ටැංකි ඉන්දීය සමාගමකට බදු දීමේ සැලැස්ම අතරතුර දැනට මෙරට ඉන්දීය කෙල් සමාගම සතු බෙදාහරින ජාලයද දීර්ඝ කාලීනව ඔවුන් වෙත පවරා දීමේ සූදානමක් ඇතැයි ද ඔවුහු කියා සිටිති.