සමස්ත ලංකා වෘත්තීය දේශකවරුන්ගේ සංගමය මාධ්‍ය වෙත අදහස් දක්වමින් ලබන නොවැම්බර් 01වැනිදා සිට උපකාරක පන්ති පැවැත්වීමට මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ අවසර ලබා දී ඇති බව සඳහන් කර තිබේ.
සංගමයේ ලේකම් කමල් ප්‍රියංකර ප්‍රකාශ කරන්නේ මේ සඳහා ලැබී ඇති කොන්දේසිය වන්නේ ළමුන් සියයට අඩු උපකාරක පන්ති ඇරඹීම බවත්ය. නමුත් සියයට වැඩි පන්ති එදින සිට අරඹන්නට සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව අවසරය නැත.
ක්‍රමානුකූලව සියයට වඩා වැඩි සිසුන් සිටින පන්ති වලට අවසරය ඉන් පසු කාලයේ හිමිවනු ඇතැයිද ඔහු දන්වා ඇත.
සියලු පන්තිවල සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව සිසුන්ට ඇතුලුවීම අසුන් පැනවීම හා ඉගැන්වීම සිදුකරන්නට උපදෙස් ලබාදී ඇත.
සාමාන්‍ය පෙළ, උසස් පෙළ සහ ශිෂ්‍යත්ව විභාගවලට පෙනී සිටින සිසුන්ට පාඩුවූ පැය ගණන වෙනුවට අමතර පැය ගණනක් යොදාගෙන ඉගැන්වීමට නියමිත බවද සංගමය සඳහන් කර තිබේ.
Comments
Post a Comment
Your comment will be visible after approval