අරාබි ආර්ථික සංවර්ධනය සදහා වන ක්වේට් අරමුදල සහ ජාත්‍යන්තර සංවර්ධනය සදහා වන ඔපෙක් අරමුදල ඒකාබද්ධව පාලම සඳහා මුදල් යෙදවීම සිදු කර තිබේ.මෙතෙක් කලක් එම ගංගාව හරහා බෝට්ටු මගින් එහා මෙහා ගිය ජනතාවට වඩාත් ආරක්ෂිත ගමන් මාර්ගයක් ලෙස මෙම පාලම භාවිතා කළ හැකි බව පැවසෙයි. එසේම ගංගාවේ ජල මට්ටමට වඩා මීටර් මීටර් 18.3ක් ඉහළින් ඉදිකර තිබීම නිසා එහා මෙහා පළල යන නෞකා සහ යාත්‍රා වෙත පාලම යටින් අවහිරයකින් තොරව යාත්‍රා කිරීමේ හැකියාවද පවතී. මෙම පාලම විවෘත කිරීමේ අවස්ථාවේදී අදහස් දක්වා ඇති බංග්ලාදේශ අගමැතිනි ෂෙයික් හසිනා, අද වනවිට දේශගුණික විපර්යාස රටෙහි මෙම දකුණු දිග පළාත වෙත දරුණු ලෙස බලපා ඇතැයි පවසා තිබේ. ඒ අනුව මෙවැනි සංවර්ධන ව්‍යාපෘතියක් එම ප්‍රදේශය වෙත ඉතාමත් වැදගත්වූ බව ඇය සඳහන් කලාය.
Comments
Post a Comment
Your comment will be visible after approval