සිකුරාදා (ඔක්. 29) පෙරවරුවේ කොවිඩ් මර්දන කමිටුව සමග පැවති සාකච්ඡාවේදී ලබාගත් තීරණය අනුව
කොවිඩ්-19 වසංගතය හේතුවෙන් පනවා තිබූ අන්තර් පළාත් සංචරණ සීමා අද (ඔක්. 31) අලුයම 4.00ට
ඉවත් කෙරිණි.
අන්තර් පළාත් සංචරණ සීමා මාස 6 කට ආසන්න කාලයක් ක්‍රියාත්මකවූ අතර මේ හේතුවෙන් බොහෝ අයගේ දුරගමන් සීමා විය.
හෙට (නොවැ. 1) සිට යළිත් පළාත් අතර පොදු ප්‍රවාහන සේවාවන්ද අරඹන්නට කටයුතු යොදා ඇත.
සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අවධාරණය කළේ, සංචරණ සීමා ඉවත් කළ ද පෙර පරිදි ම
සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරන ලෙසයි.
Comments
Post a Comment
Your comment will be visible after approval