If-Akshay-doesnt-play-in-the-pavilion-they-will-win-the-match

ඊයේ ඉන්දියාව හා පකිස්තානය අතර පැවති විස්සයි20 ලෝක කුසලාන තරගයේදී වසර 29 කට පසු ඉන්දියාව ලෝක කුසලාන තරගයකින් පාකිස්තානයට පරාජයට පත්වූවා පමණක් නොව කිසිදු කඩුල්ලක් නොලබා ඒ ජයග්‍රහණය පකිස්තානය අත්කරගැනීම ආන්දෝලනයක් ඇති කර තිබේ.
ඉන්දියාව හා පකිස්තානය ආගමික භේද නිසා නිරන්තරයෙන් එකිනෙකාට එරෙහිව කටයුතු කරන රටවල් දෙකක් වූ පසුබිමේ ඔවුන්ගේ ක්‍රිකට් පරාජය යුද පරාජයක් ලෙස සලකා තිබේ.
ඉන්දීය සමාජ මාධ්‍ය තුළ හුවමාරුවන දේවල් වලින් පෙන්නුම් කරන්නේ ඔවුන් විශාල මානසික පීඩාවක් වේදනාවකින් මෙම පරාජය අත්විඳ ඇති අයුරුය. අනෙක් අතට පකිස්තානය මෙම ජයග්‍රහණය ඉතා උත්කර්ෂවත් ලෙස සමරා තිබුණ අයුරු අපි මින් පෙර වාර්තා කළෙමු.


ඉන්දියාවේ පරාජයෙන් පසු කන්ඩායම් නායක කෝලි පැවැත්වූ මාධ්‍ය සාකච්ඡාවේදී තම පරාජයට හේතුවූ කරුණු පහක් ගැන විස්තර කළේය. ඉදිරියේදී ඒවා සකසා ගන්නා බව දන්වා සිටියේය.

මේ අතර ප්‍රවීණ ක්‍රීඩක සුනිල් ගවස්කාර් දන්වා සිටියේ මෙය තවත් එක් තරගයක් පමණක් ලෙස සලකන ලෙසයි. ඉදිරි තරගවලදී හොඳින් ක්‍රීඩා කළ හැකි බව ඔහු පෙන්වා දුන්නේය.

සමාජ මාධ්‍ය තුළ ඉන්දීය කන්ඩායමේ පරාජයට වගකිව යුතු අය ගැන විවිධ කතා හදා තිබේ. එහි විනෝදාත්මක ලෙස හුවමාරුවන එක් පෝස්ටුවකින් පැවසෙන්නේ ඩුබායිහි පැවති තරගය නැරඹීමට පැමිණි ආක්ෂේ කුමාර් නිසා අවධානය වෙනස්වූ බවයි.

ඉන්දියාව කඩුළු 3 ක් දැවී ලකුණු 60 ක් ලබා සාර්ථක ආරම්භයක සිටි අවස්ථාවේ ඩුබායි ප්‍රේක්ෂකාගාරයේ සිටින බොලිවුඩ් නළු ආක්ෂේ කුමාර් රූප තිරයේ පෙන්නු  බවත් අනතුරුව විටින් විට ඉන්දීය පිල හයේ හතරේ පහර ගසන අවස්ථාවල ආක්ෂේ කුමාර් අත්ඔසවමින් නර්තනයේ යෙදෙන දර්ශන පෙන්නූ බවත් මෙය කණ්ඩායමේ අයට මෙන්ම ප්‍රෙක්ෂකයින්ට වෙනස් අරමුණු සැපයූ බවත් චෝදනාවයි. නළු ආක්ෂේ කුමාර් මෙන්ම නිළි ප්‍රීති සින්ටාද සහභාගී වී සිටි අතර රංගන ශිල්පිනී උර්වෂි රවුටෙලා ද ඉන්දියානු ධජය ඔසවන අයුරු දක්නට ලැබුණි.


අක්ෂේ කුමාර් ඉන්දියානු ක්‍රිකට් පාලක මණ්ඩලයේ (බීසීසීඅයි) ලේකම් ජේ ෂා සමඟ අසුන්ගෙන සිටිනු දක්නට ලැබුණි. ප්‍රීති සිය ඉන්ස්ටග්‍රෑම් පින්තූරයක් බෙදා ගත් අතර එහිදී ඇගේ සැමියා ජීන් ගුඩෙනොෆ් අසල වාඩි වී සිටිනු දැකිය හැකි විය.
ආක්ෂේට වහ වැටුණ රූමත් රසිකාවියන්ද ඔහු අනුගමනය කරමින් නර්තනයේ යෙදෙන වීඩියෝ කොටස් පෙන්වමින් තරගයේ ඒකාග්‍රතාව බිඳීයාම තරගයේ ලකුණු අඩුවීමට බලපෑ ඇතැයි චෝදනාවයි.
මේ දිනවල ආක්ෂේ කුමාර්, කත්‍රිනා කයිෆ් ඇතුලු නළු නිළියන් රෝහිත් ෂෙට්ටිගේ ‘සූරිය වංශී‘ චිත්‍රපටයේ රූගත කිරීම් සඳහා ඩුබායිහි රැඳී සිටින අතර ඔහු ඒ චිත්‍රපටය වෙනුවෙන් ප්‍රවර්ධන කාර්යයෙහිද යෙදෙයි. ඔහු ක්‍රිකට් පිටියට ගොස් නටන්නේද ඒ අරමුණින් බව කියැවුණි.
(Gossiplankanews.com)

තරග පරාජයෙන් පසු ඉන්දියාවේ හුවමාරුවූ මිම්ස් කිහිපයක්පහතින්