පන්දුවාර විස්සයි විස්ස ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ සුපිරි දොළොස් දෙනාගේ තරග වටයේ Group 01 කාණ්ඩ යටතේ ශ්‍රී ලංකාව සහභාගි වූ දෙවන තරගයෙ ඕස්ට්‍රේලියානු කණ්ඩායමට එරෙහිව පැවති අතර එයින් ශ්‍රී ලංකාව පරදා ඕස්ට්‍රෙලියාව ජයගන්නා ලදි.
අද තරඟයේ කාසියේ වාසිය ජයග්‍රහණය කළ ඕස්ට්‍රේලියානු නායකයා ප්‍රථමයෙන් පන්දුවට පහර දීම සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමට ආරාධනා කරන ලදි
ඒ අනුව පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දු වාර 20 අවසානයේ කඩුලූ 6 ක් දැවී ලකුණු 154ක් රැස් කිරීමට සමත් විය.
ශ්‍රී ලංකාව වෙනුවෙන් කුසල් ජනිත් පෙරේරා පන්දු 25 ක් තුළ ලකුණු 35 ක් රැස් කළ අතර චරිත් අසලංක පන්දු 27ක් තුළ ලකුණු 35 ක් රැස්කිරීමට සමත්වුණා. භානුක රාජපක්ෂ නොදැවී පන්දු 26ක් තුළ ලකුණු 33 ක් රැස් කළා.
පන්දු යැවීමේදී මිචෙල් ස්ටාක් කඩුලු දෙකක් පැට් කමින්ස් කඩුලු දෙකක් සහ ඇඩම් සම්පා කඩුළු 2 බැගින් ලබාගත්තා.
ඒ අනුව ලකුණු 155ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා ගිය ඕස්ට්‍රෙලියාව ඕවර 17 කදී එම ලකුණු ගනන සම්පූර්ණ කළේ කඩුළු 3 ක් පමණක් දැවී තිබියදීය.
ඩේවිඩ් වෝනර් 65 ක් ලබාගත් අතර ආරොන් ෆින්ච් 37 ක් ලබාගත්තා. වනිදු හසරංග කඩුළු දෙකක් හා දසුන් ශානක කඩුල්ලක් දවා ගත්තා.
තරග අවසානයේ Group 01 පොයින්ට්ස් අනුව ඕස්ට්‍රෙලියාව 2 ටත් ශ්‍රී ලංකාව 4ටත් පත්ව ඇත.
Comments
Post a Comment
Your comment will be visible after approval