නීති විරෝධි ලෙස මුහුදු මගින් නවසීලන්තය බලා යැම සඳහා ලැගුම්හලක රැදී සිටියදී අත්අඩංගුවට පත් 63 දෙනා ඇතුළු 65 දෙනකු රිමාන්ඩ් කරන ලෙස ත්‍රිකුණාමලය ප්‍රධාන මහේස්ත්‍රාත් ස්මයිල් පයාස් රසාක් මහතා පොලිසියට නියම කළේය. බන්ධනාගාර ගත කළේ උතුරු නැගෙනහිර පදිංචිකරුවන් 63 දෙනකු හා ජාවාරම්කරුවකු සමග නවාතැන් දුන් අයෙකි. මෙම පිරිසට ආහාර පිසීමට කිලිනොච්චියේ සිට දරු දෙදෙනකු සමග පැමිණි කාන්තාවට රුපියල් ලක්ෂයක ශරීර ඇපයක් නියම කළේය.
අත්අඩංගුවට ගත් පිරිසෙන් නවසීලන්තයට යෑමට ගමන් මලු රැගෙන ආ 63 දෙනාගේ ගමන් මලු ඥාතීන්ට භාරදීමට නියම කළ මහේස්ත්‍රාත්වරයා එම 63 දෙනා පදිංචි ප්‍රදේශවල ග්‍රාම නිලධාරින් හමුවී ග්‍රාම නිලධාරි සහතික රැගෙන ඉදිරිපත් කරන ලෙස ඥාතීන්ට නියම කළේය.
Comments
Post a Comment
Your comment will be visible after approval