බ්‍රසීලයේ මිනාස් ජෙරායිස් ප්‍රාන්තයේ බැංකු මංකොල්ලයක් සම්බන්ධ දැවැන්ත පොලිස් මෙහෙයුමකදී බැංකු කොල්ලකරුවන්ගේ කල්ලියක සාමාජිකයන් යැයි කියනු ලබන 20 කට වැඩි පිරිසක් මරා දැමූ බව පොලිස් මූලාශ්‍ර උපටුමින් ඉරිදා AFP වාර්තා කර තිබේ.
බැංකු සහ ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍ර මංකොල්ලකෑමේ විශේෂඥ අපරාධ සංවිධානයක සාමාජිකයින් මේ ආකාරයට මරාදමන්නට සිදුව ඇත. වර්ජින්හා නගරය ආසන්නයේ මිලිටරි පොලිසිය හා එක්ව පොලිසිය සිදුකළ මෙහෙයුම අතිශය ත්‍රාසජනක එකක් වු බව වාර්තා කර තිබේ.
ප්‍රාදේශීය බැංකු ශාඛා කිහිපයකට ප්‍රහාර එල්ල කිරීමට සූදානම් වෙමින් සිටි මෙම කල්ලිය ගොවිපල දෙකක සන්නද්ධව රැඳි සිටි අතර පොලිසිය වටලා ඇති බව මූලාශ්‍රය පවසයි.
එක් ගොවිපලකදී කල්ලි සාමාජිකයන් 18 දෙනෙකු මිය ගිය අතර පොලිසිය දෙවන ගොවිපල වෙත ළඟා වන විට තවත් දෙදෙනෙකු මිය ගිය බව වාර්තාවේ.
එරට ෆෙඩරල් අධිවේගී මාර්ග පොලිසිය පැවසුවේ “දැනට අප සතුව ඇති මූලික තොරතුරු වන්නේ අපරාධකරුවන් 20 කට වැඩි සංඛ්‍යාවක් මියගොස් ඇති බවයි. මියගිය අය අතර ආරක්‍ෂක අංශ සාමාජිකයන් කිසිවකු නොසිටි බව පැහැදිලියි.‘ යනුවෙනි.
රයිෆල් සහ අත්බෝම්බ ඇතුළු විශාල ආයුධ තොගයක් මෙන්ම සොරකම් කරන ලද වාහන කිහිපයක් ද අත්අඩංගුවට ගත් බව වාර්තාවී තිබේ.
(ඒඑෆ්පී ඇසුරිනි - Gossiplankanews.com)
Comments
Post a Comment
Your comment will be visible after approval