පසුගිය වසර එකහමාරකට දෙකකට ආසන්න කාලයක් අත්හිටුවා තිබූ රැස්වී පවත්වන උපකාරක පන්ති ක්‍රමය නැවත ආරම්භ කිරීඹට රජය සූදානම් වෙයි. එ් ගැන ඉඟියක් අද (16) දින ලැබී තිබෙන අතර




උපකාරක පංති යළි ආරම්භ කිරීම සම්බන්ධයෙන් අද දිනයේ මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේදී පැවති සාකච්ඡාවකදී කරුනු හෙලිව ඇත.
ශ්‍රී ලංකා පොදුජන වෘත්තීය දේශකවරුන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් ආචාර්ය සුදත් දිප්පුආරච්චි එම සාකච්ඡාවට එක්ව සිටි අතර ඔහු පසුව මාධය වෙත දන්වා සිටියේ ලබන නොවැම්බර් 01 වනදා සිට රජය උපකාරක පන්ති සඳහා අවසර දීමට සැලසුම් කර ඇති බවත් ඉදිරි කොවිඩ් මර්දන කමිටු රැස්වීමේදී ඒ ගැන තීරණය කරන්නට නියමිත බවත්ය.
කෙසේවෙතත් ඒවා ආරම්භ කිරීමේදී අනුගමනය කළයුතු සෞඛ්‍ය මාර්ගෝපදේශ නිර්නායක ගැන දැඩි ලෙස සැලකිලිමත්වන ලෙස දන්වා ඇති අතර ඒවා ලේඛනයක් සකසා රජයේ බලධාරීන්ගේ අනුමැතිය ලබාගැනීමෙන් පුස අදාළ අවසරය හිමිවනු ඇතැයි දන්වා ඇත.