walking-tracks

ප්‍රධාන වැව් කිහිපයක්ද ඇතුළුව රට පුරා තෝරාගත් ස්ථාන 26ක් ආශ්‍රිතව ඇවිදින මංතීරු ඉදිකිරීම සඳහා රුපියල් බිලියන 02ක (රුපියල් කෝටි 200ක) මුදලක් වෙන් කිරීමට නාගරික සංවර්ධන අධිකාරිය පියවර ගෙන තිබේ.  දැනට ආන්දෝලනයට තුඩු දී ඇති පරාක්‍රම සමුද්‍රය ඇතුළුව බෙලිඅත්ත, අම්පිටිය, කඹුරුගමුව, කුරුණෑගල සහ කන්තලේ යන වැව් ආසන්නයේ එම ඇවිදින මංතීරු සහිත සංවර්ධන කටයුතු ක්‍රියාත්මක බව නාගරික සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් ප්‍රසාද් රණවීර පැවැසීය.



මෙම ඇවිදන මංතීරු ව්‍යාපෘති සියල්ලම මේ වන විටත් ආරම්භ කර පවතින බවත් අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කළේය. විවිධ පිරිස් සංවිධානාත්මකව අදාළ සංවර්ධන කටයුතුවලට විරෝධය පළ කළද, එම ව්‍යාපෘති අත්හිටුවීමට කටයුතු නොකරන බවද හෙතෙම පැවැසීය.කෙසේවෙතත් පරිසර සංවිධාන, ආගමික නායකයින් සහ ගොවි සංවිධාන ඇතුළු පාර්ශ්ව ව්‍යාපෘතියට විරුද්ධව ගොනු කරන කරුණු සාධාරණ නම් පමණක් ඊට යහපත් ප්‍රතිචාර දක්වන බවද සඳහන් කළ අධ්‍යක්ෂ ජනරාල්වරයා පරාක්‍රම සමුද්‍රයේ ඇවිදින මංතීරුවේ ඉදිකිරීම් වාරිමාර්ග දෙපාර්තමේන්තු ඉංජිනේරුවරුන්ගේ නිර්දේශ මත ක්‍රියාත්මක කෙරෙන බව ප්‍රකාශ කළේය.


නයන තරංග ගමගේ (Aruna)