
දියතලාව රෝහලේ ළමා රෝග විශේෂඥ වෛද්‍ය තිරාජ් මෙන්ඩිස් මහත්මා සිකුරාදා උදෑසන හදිසියේ අභාවප්‍රාප්ත වූයේය.
දරුවන් පරීක්ෂාවෙන් පසුව පිටින් බෙහෙතක් ගන්නට අතමිට හිඟ දරුවෙක් සිටියොත් ඔවුන්ගේ දෙමව්පියන්ට දෙන්නට කියා තම සාක්කුවේ තිබූ මුදල් ප්‍රමාණයක් හෙදි සොයුරියට බාර දෙන ලොකු හදවතක් තිබු මිනිසෙක් ලෙස ඔහු ගැන සමාජ මාධ්‍ය තුළ සටහන් තිබේ.
වෛද්‍යවරයා ගේ වියෝව හපුතලේ, වැලිමඩ, බණ්ඩාරවෙල, වැල්ලවාය ඇතුළු ප්‍රදේශවල ජනතාව කම්පනයට පත් කර තිබේ.
එමෙන්ම පැලවත්ත අකුරේගොඩ යුද්ධ හමුදා මූලස්ථානයේ පර්‍යේෂණ , විශ්ලේෂණ සහ සංවර්ධන ඒකකයේ සේවය කල බ්‍රිගේඩියර් සුදත් උදයසේන සිකුරාදා කෝවිඩ් මාරයා නිසා අකල් මරණයකට ගොදුරු වූයේය.
කොළඹ ආනන්ද විද්‍යාලයේ හා කොළඹ විශ්වවිද්‍යාලයේ දී ආදි සිසුවෙක් වූ ඔහුගේ මිතුරන් ඔහුගේ වියෝව නිසා කම්පනයට පත්ව සිටී.
Comments
Post a Comment
Your comment will be visible after approval