
තමා රංගනයට සමුදී ඇති බවට වැරදි ප්‍රචාරයක් සමාජ ගතවී ඇතැයිද එය නිවැරදි නැතැයිද රංගන ශිල්පිණී ශලනි තාරකා පුවත්පතකට පවසා තිබේ. ඇය එය මෙසේ පැහැදිලි කර තිබුණි.
‘මම රංගනයෙන් සමුගන්නවා කියලා කොහේවත්දීවත් කියලා නැහැ. මම කිව්වේ කොවිඩ්-19 වැළඳීම නිසා තාවකාලිකව ඉවත් වෙනවා කියන එක. යූටියුබ් සහ අනෙකුත් සමාජ මාධ්‍යවල වැරදි ප්‍රචාරයක් ගිහිල්ලා තිබ්බා මම රංගනයෙන් ඈත් වෙනවා කියලා. මටත් කිහිප දෙනෙක්ම කතා කරලා ඇහුවා ඇයි අයින්වෙන්නේ කියලා. මේ තත්ත්වය පොඩ්ඩක් අඩු වෙනකම් මම රූගත කිරීම්වලට සහභාගි වෙන්නේ නැහැ. ‘කියාදෙන්න ආදරේ තරම්’ නාට්‍යය නම් කෙටි කාලයකට නතර කරලා තියෙන්නේ. ‘චලෝ’ නිර්මාණයේ නම් රූගත කළ කොටස් තියෙන නිසා ඒවා විකාශය වෙනවා.‘
රංගන ශිල්පිණී ශලනි තාරකා මෑත කාලීනව සමාජ මාධ්‍ය තුළ හුවමාරු කරගත් ඡායාරූප එකතුවක් මේ සමග පළවේ.සියල්ල මෙතැනින්


Comments
Post a Comment
Your comment will be visible after approval