school-students-covid19

වයස අවුරුදු 15-19 ත් අතර දරුවන්ට ෆයිසර් එන්නත ලබාදීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා උපදෙස් ලබා දුන් බව යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා ප්‍රකාශ කර සිටියි.
අද පැවති කොවිඩ් මර්ධන කමිටුවේදී ජනාධිපතිවරයා මෙම උපදෙස් ලබාදී ඇති අතර ඉක්මණින් එම කටයුතු අරඹනු ඇති බවත් ඒ ගැන නිවේදනය කරන බවත් ඔහු දැන්වීය.



වයස අවුරුදු 15ත් 19ත් අතර දරුවන් සඳහා ෆයිසර් එන්නත ලබාදීමට කටයුතු කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා උපදෙස් දුන් බව ඖෂධ නිෂ්පාදන සැපයුම් හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතාද තහවුරු කළේය.
 දරුවන්ට ෆයිසර් එන්නත ලබාදීම ලබන සතිය වනවිට ආරම්භ කිරීමට හැකිවනු ඇතැයිද ජයසුමන මහතා පැවසීය.
මේ අතර ෆයිසර් එන්නත් මාත්‍රා තොගයක් මෙරටට ගෙන්වීමට ඇණවුම් කර ඇතැයි පැවසූ ජයසුමන මහතා ලබන මාසය වනවිට එම එන්නත් ලැබෙනු ඇතැයි විශ්වාසය පළ කළේ‍ය.
මිට අමතරව අවුරුදු 12ට වැඩි ආබාධ සහිත දරුවන් සඳහා ද මෙහිදී ෆයිසර් එන්නත්කරණය සිදුකෙරෙනු ඇත.