
සැප්තැම්බර් 7 වැනිදා සෞඛ්‍ය අමාත්‍යාංශයේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධනට
ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ සභාපතිනි, කිමාලි ප්‍රනාන්දු ලිපියක් මගින් සංචාරක කර්මාන්තයට සහයෝගය දෙමින් නීති රැසක් ලිහිල් කරන ලෙස ඉල්ලා ඇත.
1)පූර්ණ වශයෙන් එන්නත් කළ ගුවන් සේවක සේවිකාවන්ගේ PPE ගළවන්න
2) පූර්ණ වශයෙන් එන්නත් කළ අයට ගුවන් යානයට නගින්නට පැය 72කට පෙර කරන්නට නියම කර ඇති PCR පරීක්ෂණ නතර කරන්න
3) යුරෝපා සංගමයේ රෙගුලාසිවලට අනුකූල ලෙස වයස අවුරුදු 12 ට අඩු දරුවන්ට PCR කිරීම නතර කරනු!
4)පූර්ණ වශයෙන් එන්නත් ලබාගත් සංචාරකයන්ට රැපිඩ් පරීක්ෂාවන් ගුවන් තොටුපොළේදී සහ සංචාරක ගමනාන්තයට යන අතරතුරදී සිදුකිරීමට ඉඩ සලසන්න
‘වහාම ප්‍රතිචාරයක්‘ අවශ්‍ය බව හඟවා ඇය සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග අ, සෞඛ්‍ය ඇමති කෙහෙලිය රඹුක්වැල්ල , සෞඛ්‍ය ලේකම් එස්.එච්. මුණසිංහ , සංචාරක අමාත්‍යාංශ ලේකම් එස්. හෙට්ටිආරච්චි සහ SLTDA අධ්‍යක්ෂ ජනරාල් ධම්මිකා විජේසිංහ වෙත ද කොපි කර ඇත.

Comments
Post a Comment
Your comment will be visible after approval