
ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ දෙවැනි අදියර ලබන දෙසැම්බර් 4 වැනිදා සිට 23 වැනිදා දක්වා පැවැත්වීමට සැලසුම් සකස් කර තිබෙන අතර මෙවර ක්‍රිකට් තරගාවලියේ දී ක්‍රීඩාංගනයට පැමිණ තරග නැරඹීම සදහා ප්‍රේක්ෂකයින්ට අවස්ථාව ලබා දීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අපේක්ෂා කෙරේ.
පසුගිය කාලයේ එංගලන්තයේද සිදු කරන ලද ආකාරයට පූර්ණ වශයෙන් එන්නත් ලබා ගත් ප්‍රේක්ෂකයින්ට ඒ සදහා අවස්ථාව ලබා දීමට අවධානය යොමු කර ඇත. මේ බව
ශ්‍රී ලංකා ක්‍රිකට් වෛද්‍ය ඒකකයේ ප්‍රධානී මහාචාර්යය අර්ජුන ද සිල්වා මහතා පැහැදිලි කළේය. කෙසේ වෙතත් මෙම අවස්ථාව සීමිතවනු ඇති බවත් ප්‍රේක්ෂකාගාරවල ධාරිතාවයෙන් 25%ක පමණ ප්‍රමාණයකට පමණක් අවස්ථාව ලැබෙනු ඇති බවත් කියන ඔහු මේ සියල්ල තවම යෝජනා මට්ටමේ පවතින බවත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ අවසරය ලබා දුනහොත් පමණක් සිද්ධවනු ඇති බවත් දන්වා සිටියේය.
Comments
Post a Comment
Your comment will be visible after approval