
ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙකු ලෙස ජයන්ත කැටගොඩ මහතා අද පාර්ලිමේන්තුවේ දී නැවත දිවුරුම් දුන්නේය. කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ඉදිරියේ ඔහු මීට පෙරද දිවුරුම් දුන්
අයෙකු වන අතර බැසිල් රාජපක්ෂ ආගමනය වෙනුවෙන් ඔහු ඉල්ලා අස්වී තිබුණි.
මුදල් රාජ්‍ය අමාත්‍ය ධූරයේ කටයුතු කළ අජිත් නිවාඩ් කබ්රාල් මහතා ඉල්ලා අස්වීම නිසා පුරප්පාඩු වූ මන්ත්‍රී ධූරය සදහා ජයන්ත කැටගොඩ නැවත දිවුරුම් දුන්නේය.
පසුගිය මහ මැතිවරණයෙන් ජාතික ලැයිස්තුවෙන් පත්වූ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කරමින් සිටි ඔහු මුලින් පසුගිය ජුලි 6 වනදා එම ධූරයෙන් ඉල්ලා අස් වු අතර මාස දෙකහමාරකින් නැවත පත්වීම ලබාගත්තේය.
Comments
Post a Comment
Your comment will be visible after approval