imesh-rangana-eliyantha-white

පසුගියදා ජීවිතයෙන් සමුගත් ‘රාජකීය වෛද්‍යවරයා‘ ලෙස නම් තැබූ ඒලියන්ත වයිට් මහතා විදේශික නමක් භාවිත කරමින් සාමාන්‍ය කෙනෙකුට මුණගැසිය නොහැකි ලෙස පෙනී සිටිමින් සුවිශේෂ භූමිකාවක් රඟ දැක්වූ අයෙකි. ඔහු රාජකීය වෛද්‍යවරයා ලෙස ‘ලේබල්‘ වූ පසු ඔහු සිය අතීතය ගැන කිසිවක් කතා කළේ නැත. 

නමුත් ඔහු සම්බන්ධ විවේචන පැනනැගුණ ඇතැම් අවස්ථාවල ඔහු ගායකයෙකු බවටත් ඔහු නම වෙනස් කරගෙන වෙනස් චරිතයක් බවට වෙස් පෙරළාගෙන සිටින අයෙකු බවටත් කරුණු හෙළි කෙරිණි. ඒලියන්ත යනු ඉමේෂ් රංගන නමින් පෙනී සිටි ජම්බුගස්මුල්ලේ හා කළුබෝවිල පිහිටි ලංකාවේ ප්‍රකට වාහන අමතර කොටස් සමාගමක අයිතිකරුගේ පුතු බවට තොරතුරුද ඒ අතර විය.
නමුත් ඔහු ඒ කිසිවකට උත්තර දුන්නේ නැති අතර ඉතාම කෙටි අවස්ථාවක දෙකක ඇරෙන්නට මාධ්‍ය ඉදිරියේ පෙනී සිටියේද නැත.

කෙසේ වෙතත් ඒලියන්ත වයිට් ගැන කතාබහ ආරම්භවූ මුල් අවස්ථාවේදීම 2012 පමණ ඔහු තමන් ගැන ඇත්ත තොරතුරු නොපැකිළව කතාබහ කළේය. 2012 වසරේදී ‘රන්දිව‘ පුවත්පතට සමන් සමරක්කොඩි මහතා සමග  කළ සම්මුඛ සාකච්ඡාවකදී ඒලියන්ත දුන් උත්තර පහත දැක්වේ.

එලියන්ත වයිට්, ඔබ කවුද? කොහෙන්ද ආවේ?

මං හිතන්නේ ඔබ අහන්නේ මගේ පරම්පරාව ගැන. අපේ මුල්ම සීයලා එංගලන්තේ ඉඳන් තමයි ඇවිල්ලා තියෙන්නේ එක්දහස් අටසිය ගණන්වල. ශ‍්‍රී ලංකාවේ තියෙනවා රතුපොත කියලා එකක්. ඒකෙ අපේ සීයගේ සම්පූර්ණ ඉතිහාසෙ තියෙනවා. ඕන කෙනෙක්ට ඒක බලාගන්න පුළුවන්. ඊට පස්සේ ඒගොල්ලො සිංහල නෝනලා කසාද බැඳලා ලංකාවේ පදිංචි වෙලා. මං හිතන විදිහට ඒ කාලේ ලංකාවේ වැඩිම ඉඩම් හිමිකරු හැටියට හිටියේ අපේ සීයා. ඒ වගේම ලංකාවේ මුල්ම තැපැල් සේවය පටන්අරගෙන තියෙන්නේත් ඒගොල්ලෝ. මගේ පරම්පරාව ඒ වගේ සේවයක් මේ රටට කරලා තියෙනවා.
මොකක්ද ඔබ අදහන ආගම ?

මෙහෙමයි, අපේ ජාතිය හැටියට මම කතෝලික. නමුත් අපේ අම්මලා සිංහල හින්දා වැඩිහරියකට යොමුවුණා පන්සලට. දැන් කතෝලික ආගමයි, බුද්ධාගමයි දෙකම අදහනවා.

ඔබ ‘වෛද්‍ය එලියන්ත වයිට්’ කියලා තමයි සමාජගත වෙන්නේ. කොහොමද මේ වෛද්‍ය කෑල්ල එන්නේ?


කුඩා කාලේ ඉඳන්ම මාත් එක්ක කිසියම් ශක්තියක් තිබ්බා. ඒක මට දැනෙන්න ගත්තේ අවුරුදු දහය, එකොළහ කාලෙ විතර. ඒ නිසා මම කල්පනා කළා මේ පැත්ත සොයාගෙන ගියොත් හොඳයි කියලා. ඒ අනුව මම පාරම්පරික වෛද්‍ය ක‍්‍රමවේද හැදෑරුවා. 1990-1991 වගේ කාලේ අපි හිටියේ කළුබෝවිල. කළුබෝවිල සුනන්දාරාමේ කහතුඩුවේ ප‍්‍රසිද්ධ ස්වාමින්වහන්සේ නමක් හිටියා. ඒ හාමුදුරුවෝ මාව හඳුන්වලා දුන්නා මහාචාර්ය ඇන්ටන් ජයසූරිය මහත්තයාට. ‘මෙයාත් නිල සම්බන්ධව කරන වෛද්‍ය ක‍්‍රමයක් හදාරනවා. ඔබතුමාලත් ඔය ඇකියුපන්චර් (චීන කටුු චිකිත්සාව කරනවනේ, පුළුවන්නම් මෙයාටත් උදව් කරන්න’ කියලත් කිව්වා. ඊට පස්සේ ඇන්ටන් ජයසූරිය මහත්තයා මාව වැල්ලවත්තේ ඒගොල්ලන්ගේ විශ්වවිද්‍යාලයට සම්බන්ධ කරගෙන, මට කටු චිකිත්සාව උගන්වන ගමන්ම මගේ වෛද්‍ය ක‍්‍රමයත් එතුමා පරික්ෂාවට ලක්කරමින් පොතකට ගත්තා. ඊට පස්සේ මට ඒ විශ්වවිද්‍යාලයෙන් ඕල්ටනේටිව් මෙඩිසින් (වෛකල්පිත වෛද්‍ය විද්‍යාව  වෛද්‍ය සහතිකය ලබාදුන්නා. ඒ ක‍්‍රමයට තමයි මට වෛද්‍ය කියන නාමය එන්නේ.

ජනාධිපතිතුමාගේ වෛද්‍යවරයා වෙන එක ලේසි නැහැ.
ඔබ වෛකල්පිත වෛද්‍ය විද්‍යාව හදාරලා රටේ ප‍්‍රධාන පුරුවැසියගේ වෛද්‍යවරයා බවට පත්වෙනවා. ඔබව මොන විදියටද පරීක්ෂා කළේ්?


මිනිස්සු එක එක කතන්දර කියනවානේ. අර සහතික තියෙනවද? මේ සහතිකේ තියෙනවාද? සභාවේ රෙජිස්ටර්ද? එහෙම බැලූවොත් මේක මුල් කාලයට ආයෙත් රිවයින්ඩ් කරලා ගියොත් මොනවද ඒ කාලේ තිබ්බ රෙජිස්ටේෂන්? බුදුන්ගේ කාලේ බුදුන්ට බේත් කරපු අයට මොන සභාද තිබ්බේ?
අපි ගෙදර සුරතලේට හදන බළලා ගත්තොත් බළලත් වෛකල්පිත ක‍්‍රමයම තමයි භාවිත කරන්නේ. අපි සුරතලයට ඇතිකරන බළලට බඬේ අමාරුවක් ආවොත් අපි ඌව ඉස්පිරිතාලෙට එක්කන් යනවා. නැත්නම් ඒකා එළියේ ලැගලා හිටියොත් කවුරුත් කියන්න ඕනේ නෑ ගිහිල්ලා කුප්පමේනියා ටික කාලා, තණකොළ ටික කාලා සුව වෙනවා.

මොනවාද ඔබේ ව්‍යාපාර?

මම හිතන්නේ, අපි තමයි ලංකාවේ ඉන්න පරණම වාහන අමතර කොටස් ගෙන්වා බෙදාහරින්නෝ. ලංකාවේ විවිධ ප‍්‍රදේශවල අපේ ව්‍යාපාරයේ ශාඛා තියෙනවා. ඒ ඇරුනාම අපේ අනිත් ව්‍යාපාර ඔක්කොම තියෙන්නේ ජපානේ. ඒ වගේම අපට නැව් සමාගමක් තියෙනවා. අපේ කන්ටේනර්ස් මුළු ලෝකේ පුරාම ගමන් කරනවා.

එලියන්ත වයිට් ඔබ වෛද්‍යවරයෙක් විතරක් නොවෙයි ඔබ දක්ෂ ගායකයෙක් කියලාත් කියනවා?


ඔව්. මං කලාවට සම්බන්ධයි. ඇත්තටම ඒ ගැන මම කතානොකර හිටියේ මේ දෙක පැටලෙන හින්දා.
 මං සංගීත විශාරද විභාගයත් පාස් කරලා ඉන්නේ. ඒවගේම ගුවන් විදුලියේ සරල ගී කියලාත් තියෙනවා. ළමා පිටියේ ඉදන් ඒ දක්ෂතා ඔස්සේ ඉදිරියට ආවත් ඇත්තටම මම හිතනවා දෛවය විසින් ඒ පැත්තට මාව ප‍්‍රසිද්ධ නොකළේ මගෙන් ඊට වඩා වෙනස් දෙයක් බලාපොරොත්තු වූ නිසා වෙන්න ඇති.




ඔබ කිව්වා ඔබට යම්කිසි ශක්තියක් දැනුණා කියලා. අපි දන්නවා, සමහර කට්ටඩිත් ඉන්නවා විවිධ ශක්තීන්ගෙන් වැඩ කරන. සමහරු මළ පෙරේතයෝ බන්දගෙන කරනවා. සමහරු කියනවා මට දේව ආරූඪයෙන් විවිධ දේ කරන්න පුළුවන් කියලා. මේ ආරූඪ දෙකෙන් ඔබට තියෙන්නේ මොන ආරූඪෙද?

නෑ, නෑ, ඕක වරදවා පටලවා ගන්න එපා. මම කපුරාළෙක් ගාණට වැටෙන්න කැමැති නෑ. මේ වෛද්‍ය ක‍්‍රමයට අවශ්‍ය බෙහෙත් සොයාගන්න විතරයි මම ඒ ශක්තිය පාවිච්චි කරේ.

(Gossiplankanews.com)

පෙර ලිපිය 2020-11-13
පිළිතුරු ගී කියපු  ජම්බුගස්මුල්ලේ ඉමේෂ් රංගනයා - එලියන්ත වයිට් වෙලා ආවේ හිමාලයෙන්ලු - රන්ජන් පාර්ලිමේන්තුවේදී

ඉමේෂ් රංගන ගැයූ මනමාලියේ ගීතය මේ සමග පළවේ.