
ගෝනපීනුවල පතන සහතික කළ පාසලේ දහතුන් හැවිරිදි පිරිමි දරුවකු අබිරහස් අයුරින් ගෙල සිරවී මියගොස් ඇති බව ගෝනපීනුවල පොලීසිය කියයි. මෙසේ මිය ගොස් ඇත්තේ එම පාසලේ නේවාසිකව සිටි අනුෂ්ක පසිඳු නමැති දරුවා බව ද පොලිසිය කියයි. සිය නේවාසික කාමරය තුළ මේ දරුවාගේ සිරුර 31 රාත්‍රියේ දී ලණුවකින් ගෙල සිර වී එලෙමින් තිබිය දී
එහි පාලකයන් දරුවා එයින් මුදාගන්නා විට ඔහු ඉතා අසාධ්‍ය තත්වයේ පසුවී ඇති බවත් අසාධ්‍ය තත්ත්වයෙන් පසු වූ දරුවා කරාපිටිය රෝහලේ දී පසුදා මිය ගොස් ඇති බවත් පොලීසිය කියයි. මෙය දරුවා සිය දිවි හානිකර ගැනීමට ගෙල වැලලා ගත්තා ද නොඑසේනම් වෙනත් සිදුවීමක් ද යන්න සෙවීමට මහේස්ත්‍රාත් පරීක්ෂණයක් පැවැත්වීමට තීරණය කළ බව ද පොලීසිය කියයි.
සුළු අපරාධයන් සම්බන්ධයෙන් වැරදිකරුවන් වූ දරුවන් මේ සහතික පාසලෙන් පුනරුත්ථාපනය සඳහා යොමු කර ඇති බව පැවසූ පොලීසිය මේ දරුවා සිය දිවි හානිකර ගැනීමට ගෙල වැළලා ගත්තේ නම් එයට හේතුව සෙවීම සඳහා විශේෂ පරීක්ෂණයක් ආරම්භ කළ බව ද පොලීසිය කියයි. ගෝනපීනුවල පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඒ.කේ.ඒ.ජේ. අමරවංශ මහතා ඇතුළු කණ්ඩායමක් මේ පිළිබඳව වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
-එම්. සුසිල් ප්‍රියන්ත- -
Comments
Post a Comment
Your comment will be visible after approval