
නමුත් එම තීරණය අද (27) පැවැති කැබිනට් මණ්ඩල රැස්වීමේදී ගත් බව වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය. ඔහු පැවසුවේ ඒ ගැන කතා කළේවත් නැති බවයි. එය ජනපති ශ්‍රී ලංකාවට පැමිණි පසු කැබිනට් රැස්වීමට සාකච්ඡා වනු ඇතිදැයි සැක පවතී.
කෙසේ වෙතත් සහල්, තොග වෙළෙඳාමට සහ සිල්ලර වෙළෙඳාමට පනවා තිබූ මිල පාලනය ඉවත්කිරීමට කැබිනට් මණ්ඩලය අද තීරණය කර ඇති අතර සහල් සඳහා වූ උපරිම තොග සහ සිල්ලර මිල ගණන් ඇතුළත් ගැසට් පත්‍රය අවලංගු වේ. මේ හේතුවෙන් ඉදිරියේදී සහල් මිල ඉහළ යනු ඇත.
කිරි පිටි, ගෘහස්ථ ගෑස්, තිරිඟු පිටි හෝ සිමෙන්ති මිල ඉහළ යනු ඇතැයි සිතා වෙළෙඳුන් ඒවා සැඟවීමේ උත්සාහයන්ද වාර්තාවී තිබූ නමු්ත අද දින මිල ඉහළ නොගිය නිසා වෙළෙදුන්ට නැවත ඒවා වෙළෙඳපොළට ඉදිරිපත් කිරීමට සිදුවනු ඇත.
Comments
Post a Comment
Your comment will be visible after approval