
ඩොලර්වලින් බදු මුදල් ගෙවීමට එකඟ වන පුද්ගලයන්ට වාහන ආනයනය සඳහා අවසර දීමක් සිදුවිය හැකි බවට වාර්තා පළව තිබේ.
ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා මේ සම්බන්ධයෙන් රජයේ අවධානය යොමු වී ඇතැයි
පැවසීය. නමුත් ඒ ගැන තවම ස්ථිර කර පවසා නැති අතර තවදුරටත් කරුණු සලකා බලාගෙන යන බව ද ඩොලර් සම්බන්ධයෙන් මේ මොහොතේ දී ගැටලුවක් පවතින හෙයින්, සාමාන්‍ය පරිදි වාහන ආනයනය සඳහා අද හෙටම අවසර දීමට හැකියාවක් නැති බවද කීය.
ලබන දෙසැම්බර් මාසයේ දී මේ ගැන තීරණ ගන්නට යන බවත් ආර්ථිකය ගොඩ ගැනීම සඳහා යන ගමනේ දී සමහරුන් සතුටු විය නොහැකි තීන්දුවලට පවා යෑමට සිදුවන බවත් ඔහු පැවැසුවේය.
Comments
Post a Comment
Your comment will be visible after approval