covid19-bathing

කොවිඩ් රෝගය හා ස්නානය සම්බන්ධයෙන් පැතිර යන අසත්‍ය ප්‍රකාශ හේතුවෙන් මාසයක් පමණ ගතවන
තෙක් ස්නානාය නොකල කොවිඩ් සුව වූ හා කොවිඩ් එන්නත  ලබාගත් පුද්ගලයන් දක්නට ලැබෙන බව කොළඹ
වෛද්‍ය පීඨයේ, වෛද්‍ය අධ්‍යාපනය පිළිබඳ මහාචාර්ය ඉන්දික කරුණාරත්න මහතා ප්‍රකාශ කරයි.





හෙතෙම පෙන්වා දුන්නේ කොවිඩ් ව්‍යාප්තිය තුළ පිරිසිදුව සිටීම අතිශයින් වැදගත් කරුණක් බවයි.

කොවිඩ් ආසාදනය වී සුව වූ පුද්ගලයන්ගෙන් පීනස් තත්ත්වයක් ඇති අයට සෙව තත්ත්වය වැඩි වීම හා කිවිසුම්
යෑම වැනි තත්ත්ව ඇතිවීම සාමාන්‍ය වන බවයි.

කෙසේ වුවද ඇඟපත සෝදා ශරීරය පිරිසිදු කර ගැනීම අත්‍යාවශ්‍ය බවද මහාචාර්යවරයා පැවැසීය.

මීට අමතරව කොවිඩ් සුව වූ රෝගීන් ස්නානාය නොකළ යුතු බවට පැතිර යන ප්‍රකාශ වෛද්‍ය
විද්‍යාත්මකව පදනම් විරහිත වන බවද මහාචාර්යවරයා වැඩිදුරටත් පෙන්වා දුන්නේය.


නිදර්ශනී වික්‍රමසිංහ (අද)