
මුහුණේ සහ ශරීරය පුරා පළු දැමීම නිසා බදුල්ල රෝහලට ඇතුළත් කළ 13 හැවිරිදි දැරියක මියගොස් ඇතැයි බදුල්ල රෝහල් ආරංචි මාර්ග කියයි.
මෙසේ මියගොස් ඇත්තේ ඒ මලිෂ සත්සරණි නමැති දැරියකි.
ඇය බුත්තල දුටුගැමුණු ජාතික පාසලේ අට වසරේ ඉගෙනුම ලැබුවාය.
ශරීරය පුරා පළු දැමීම නිසා මෙම දැරිය බදුල්ල මහ රෝහලට ඇතුළත් කර ඇති අතර ඇගේ රෝගී තත්වය උත්සන්න වීම නිසා එහි දැඩි සත්කාර ඒකකය ඇතුළත් කර සිටිය දී මිය ගිය බව රෝහල් ප්‍රකාශකයෙක් කීය.
ඇය මියගිය රෝග තත්වය සම්බන්ධයෙන් රොහලින් පරීක්ෂණයක් අරඹා තිබේ.
-අයි.ආර්. ඉන්දික-
Comments
Post a Comment
Your comment will be visible after approval