Pakistans-victories-Rameez-Raja

නවසීලන්තයත් පාකිස්තානයත් අතර  එක්දින තරඟ 03 කින් සහ T20 තරග 5 කින් යුත් තරඟාවලියක්
පාකිස්තානයේදී සංවිධානය කරතිබී අවසන් මොහොතේ නවසීලන්තය මගින් එය අත්හැර දමන්නට තීරණය කළේ පසුගිය සතියේය. 

එයට හේතුවූයේ පාකිස්තානයේ ආරක්ෂාව මදි යයි එලිදුටු වාර්තාවක් පදනම් කරගනිමිනි.
 හදිසියේ ගත් තීරණය නිසා ක්‍රිකට් ලෝලීන්ගේ දැඩි අප්‍රසාදයටද මෙය හේතුවිය.
පසුගිය 17 වන දින පළමු එක්දින තරගය ආරම්භ වීමට සුළු මොහොතකට පෙර නවසීලන්තය මේ ආකාරයට තරගාවලිය අතහැර දමන ලදී.
නවසීලන්ත රජය  ආරක්ෂාව සම්බන්ධ කළ අනතුරු ඇඟවීමක් ප්‍රසිද්ධ කරමින් මේ ගැන දන්වන ලදි.
පාකිස්ථාන ක්‍රිකට් ආයතනයේ සභාපති හිටපු ක්‍රීඩක රමිස් රාජා මේ ගැන කලකිරීමට පත්ව මෙසේ කියා තිබේ.

“අපේ වේදනාව අපි බෙදාහදා ගන්නවා.කුමක් සිදු වුවද මෙය පකිස්ථානු ක්‍රිකට් වලට හොඳ නැත.නමුත් අවධාරණය කළ යුතු එක් කරුණක් නම් අතීතයේදී අප එවැනි අත්දැකීම් වලට මුහුණ දී පන්නරය ඇති පිරිසක් බවයි.

එබැවින් පාකිස්තාන කණ්ඩායම මෙම අසීරු අවස්ථාවේ බලාපොරොත්තු අත්නොහරිනු ඇත.
අපි මෙම කොන් කිරීම  පාඩමකට ගෙන විස්සයි 20 ලෝක කුසලානයේදී ශක්ති වන්ත ලෙස සියල්ලන්ට පහර දෙන්නට සූදානම් ... ලෝකයේ හොඳම කණ්ඩායම අපි වුණාම ඔය කොන් කරන හැම දෙනාම අපි එක්ක සෙල්ලම් කරන්න පෝලිම් ගැසී සිටිවි.. නියතයි..
ඊට ශක්තියක් වන ලෙස අපේ රසිකයින්ගෙන් ඉල්ලා සිටිනවා.‘
(ටයිම්ස් ඔෆ් ඉන්දියා ඇසුරිනි - Gossiplankanews.com)
 
Pakistans-victories-Rameez-Raja