balapokuna-man-death

කොහුවල පොලිස් බල ප්‍රදේශයට අයත් කළුබෝවිල බලපාකුණ පාරේ පුද්ගලයින් දෙදෙනෙකු අතර ඇතිවූ ආරවුලක් නිසා එක් පුද්ගලයෙකු මියයාමේ සිද්ධියක් වාර්තාවෙයි.


පොලිස් මාධ්‍ය නිවේදනය අනුව දෙදෙනා අතර බහින්බස්වීමක් ඇතිවීමෙන් පසු එක් පුද්ගලයෙකු ගල් තලාව මතට අනෙක් පුද්ගලයා තල්ලු කර තිබෙන අතර එහිදී බිම ඇද වැටුණ මියගිය පුද්ගලයාගේ හිසට බරපතල හානි සිදුව ඇත. සිද්ධිය නිසා රෝහල්ගත කළ නමුත් එම තැනැත්තා මියගියේය.
මියගොස් ඇත්තේ කොහුවල බලපොකුණ පදිංචි 45 හැවිරිදි පුද්ගලයෙකි. මිනීමැරුම සිදුකළ තැනැත්තා පොලිසිය මගින් අත්අඩංගුවට ගත් අතර අද (25) නුගේගොඩ අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.