
ඊයේ (29) සිට ක්‍රියාත්මක වන පරිදි හැටන් නැෂනල් බැංකුවෙහි (HNB) නව සභාපතිනිය ලෙස අරුණි ගුණතිලක මහත්මිය පත් කර තිබේ. ඇය අප්‍රේල් මස සිට බැංකුවෙහි අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකාවක වූ අතර
කොළඹ විශ්වවිද්‍යාලයේ නීතිය උපාධියක් සහ එක්සත් ජනපදයේ හාර්වර්ඩ් සරසවියේ නීති උපාධිය හදාරා ඇත.
ඇය Tea Small Holders Factories PLC, සන්ෂයින් හෝල්ඩිංග්ස් පීඑල්සී සහ සොෆ්ට්ලොජික් ෆිනෑන්ස් පීඑල්සී යන ලැයිස්තුගත සමාගම්හි විධායක නොවන/ස්වාධීන අධ්‍යක්ෂවරියකු ලෙසද කටයුතු කරයි.
මූල්‍ය සේවා පිළිබඳ වෘත්තිකයෙකු වන අරුණි ගුණතිලක මහත්මිය සතුව බැංකු සහ කලාපීය මූල්‍ය වෙළෙඳ පොළ පිළිබඳව වසර 25කට අධික කාලයක අත්දැකීම් ඇති අතර මහජන බැංකුවෙහි සාංගමික බැංකුකරණ ප්‍රධානියා ලෙසත් සිංගප්පූරුවෙහි ස්ටෑන්ඩර්ඩ් චාර්ටර්ඩ් බැංකුවෙහි තනතුරු කිහිපයකද කටයුතු කර ඇත.

Comments
Post a Comment
Your comment will be visible after approval