
සංචාරක දකුණු අප්‍රිකානු පිල සමග අද දින කොළඹ ආර් ප්‍රේමදාස පිටියේදී පැවති පළමු විස්සයි20 ක්‍රිකට් තරගයේදී දකුණු අප්‍රිකාව ජයගන්නා ලදි. මුලින් පන්දුවට පහරදුන් දකුණු අප්‍රිකාව කඩුළු 5 කට ලකුණු 163 ක් ලබාගත් අතර දෙවැනිව ශ්‍රී ලංකාවට ලබාගත හැකිවූයේ කඩුළු 6 ට ලකුණු 135 ක් පමණි.
අද දින දිනේෂ් චන්දිමාල් නොදැවී 66 ක් ලබමින් සාර්ථක වුවද අනෙක් පිතිකරුවන් අසාර්ථක වූ අතර ඔහුට සහයක් දෙමින් ඉනිම ගොඩනගන්නට කිසිවෙකු නොවීය.තරගයේ වීරයා සම්මානය දකුණු අප්‍රිකානු පිලේ මාකම් සතු විය.

Comments
Post a Comment
Your comment will be visible after approval