COVID-19  රෝගයෙන් පෙළුණ සියලුම පුද්ගලයින්ගෙන් තුනෙන් එකකට වැඩි සංඛ්‍යාවක් රෝග විනිශ්චය කර මාස කිහිපයකට පසු යළිත් COVID-19 රෝග ලක්‍ෂණ සමාන ආකාර ලක්ෂණ නැවත පෙන්වන බව නව අධ්‍යයනයකින් සොයාගෙන ඇති අතර, ඒ අනුව කලින් සිතූවාට වඩා  COVID රෝගීන් සංඛ්‍යාව ඉහළ යා හැකි බව සොයාගෙන ඇත.

ප්ලොස් මෙඩිසින් සඟරාවේ (journal PLOS Medicine) අඟහරුවාදා ප්‍රකාශයට පත් කරන ලද මෙම අධ්‍යයනයේදී පර්යේෂකයන් සොයාගෙන ඇත්තේ අධ්‍යයනය කළ අයගෙන් 36% ක් පමණ රෝග විනිශ්චය කර මාස තුන සහ හය තුළදීත් COVID වැනි රෝග ලක්‍ෂණ වාර්තා කර ඇති බවයි.

රෝගීන්ගෙන් 10% සිට 30% දක්වා පශ්චාත් COVID රෝග ලක්ෂණ පැවතීම බොහෝ පෙර අධ්‍යනයන්වලදී ගණන් බලා ඇත.

එක්සත් රාජධානියේ ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලයේ විද්‍යාඥයින් විසින් මෙහෙයවනු ලැබූ මෙම අධ්‍යයනයෙන් ඇමරිකා එක්සත් ජනපදයේ කෝවිඩ් -19 රෝගීන් 273,618 ක් සහ ඉන්ෆ්ලුවෙන්සා රෝගීන් 114,449 දෙනෙකුගෙන් සමන්විත නියැදියක් උපයෝගි කළ අතර මූලික වශයෙන්  මිලියන සංඛ්‍යාත ඉලෙක්ට්‍රොනික සෞඛ්‍ය වාර්තා වලින් නිර්නාමික දත්ත සොයන ලදී.
සමහර රෝගීහු කොරෝනා රෝග ලක්‍ෂණයකින් මාස ගණනකට පසු ඊට සම්බන්ධිත වෙනත් රෝග ලක්‍ෂණ පෙන්නුම් කළහ.පපුවේ/උගුරේ වේදනාව, අසාමාන්‍ය ලෙස හුස්ම ගැනීම, උදරයේ රෝග ලක්‍ෂණ, විඩාව, මානසික අවපීඩනය, හිසරදය, සංජානන ක්‍රියා විරහිත වීම සහ මාංශ පේශි වේදනාව වැනි රෝග ලක්‍ෂණ පර්යේෂකයන්ට වාර්තා විය.

රෝග විනිශ්චය කර මාස තුන සිට හය දක්වා දිගු කාලයක් සිටි අයගෙන් දළ වශයෙන් 40% කට පෙර මාස තුන තුළ එවැනි රෝග ලක්‍ෂණ වාර්තා නොවූ බව පර්යේෂකයෝ සොයා ගත්හ.

වසංගතය ආරම්භ වී මාස කිහිපයකට පසු, කොවිඩ් රෝගයෙන් සුවය ලැබූ පුද්ගලයින් තුළ පෙන්නුම් කරන පශ්චාත් වෛරස් සින්ඩ්‍රෝමය ගැන ඇමරිකාවේ ඉහළම බෝවන රෝග විශේෂඥ වෛද්‍ය ඇන්තනි ෆවුසි ඇතුළු විද්‍යාඥයින් අනතුරු අඟවා තිබුණි.

COVID-19 අනුව බොහෝ දෙනෙක් අත්විඳින රෝග ලක්‍ෂණ, උණ වැනි වෙනත් වෛරස් ආසාදන වලින් පසුව සමහර පුද්ගලයින්ට ඇති  අත්දැකීම සංසන්දනය කිරීමට එය හේතු විය.

නමුත් නව අධ්‍යයනයෙන් නිගමනය වන්නේ රෝගයේ උග්‍ර අවධියෙන් මාස කිහිපයකට පසු COVID-19 රෝග ලක්‍ෂණ ලබා ගැනීමේ අවස්ථා ඉන්ෆ්ලුවෙන්සා මෙන් දෙගුණයකටත් වඩා වැඩි බවයි.

ඔක්ස්ෆර්ඩ් ප්‍රමුඛ කණ්ඩායම විසින් සොයා ගන්නා ලද්දේ වඩාත් දරුණු COVID-19 රෝගාබාධ සහිත පුද්ගලයින් දිගු COVID ලබා ගැනීමේ වැඩි ඉඩක් ඇති බවයි. එසේම, ගැහැණු හා තරුණ වැඩිහිටි රෝගීන්ට ද දිගු කාලීන රෝග ලක්‍ෂණ සඳහා ඉහළ අවදානමක් තිබූ  බවය.

"COVID-19 රෝග විනිශ්චය කිරීමෙන් පසු මාස ​​3 ත් 6 ත් අතර කාලයකදී වාර්තා වූ රෝගීන් 3 න් 1 කට වඩා වැඩි සංඛ්‍යාවකගේ දිගු රෝග ලක්ෂණ එකක් හෝ කිහිපයක් තිබෙන බව පර්යේෂණයෙන් සොයාගෙන ඇත," යුනවෙන් වාර්තාවේ දැක්වේ.

(එන්පීආර් නිවුස් ඇසුරිනි  - Gossiplankanews.com)