
මාධ්‍ය මගින් පසුගියදා අනාවරණය කළේ ඖෂධ නියාමන අධිකාරියට සම්බන්ධ ඖෂධ නියෝජිත ආයතන, ඖෂධ ලියාපදිංචි කිරීමේ දත්ත, ඖෂධ නිෂ්පාදනාගාර පිළිබඳ දත්ත හා ඖෂධ සාම්පල් පරීක්ෂා කිරීමේ බලපත්‍ර ගැන තොරතුරු තිබූ ටෙරාබයිට් ගණනක අති සංවේදී ස්වයංක්‍රීය දත්ත ගොනු ලක්ෂ 11ක් හිටිහැටියේ අතුරුදන්ව ඇති බවයි.
2015 අංක 5 දරන ජාතික ඖෂධ නියාමන අධිකාරියේ පනත දැක්වෙන පරිදි එය බරපතල ගණයේ වරදක් බව නීති විශාරදයන් පෙන්වා දෙයි. මෙහි දක්වා ඇති පරිදි අධිකාරියේ සේවයට එක්වන සෑම නිලධාරියෙකුම තම රාජකාරිය ආරම්භ කිරීමට පෙරාතුව තම වැඩකටයුතු සම්බන්ධව සම්පූර්ණ රහස්‍යභාවය රකින බවට ප්‍රතිඥා දියයුතු වේ. ඊට අදාළ ප්‍රකාශයකට ද අත්සන් තැබිය යුතු වේ.
අධිකාරියට සම්බන්ධ නිලධාරීන් පමණක් නොව ඊට සම්බන්ධ වන තෙවැනි පාර්ශ්වයන්ටද මෙය අදාළය.
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදයේ සභාපති වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන පසුගියදා පැවසුවේ,
"මෙය සැලසුම්සහගත, හොඳම මාෆියා ක්‍රියාකාරිත්වයක් හැටියටයි අපි දකින්නේ. මේ ගැන සභාපතිවරයා සහ ප්‍රධාන විධායක නිලධාරියා සෘජුව වග කියන්න ඕනේ. ඔවුන් කරන්නේ ගරු සේවයක් නෙමෙයි. මාසයකට මිලියනයකට අධික දීමනා ලැබෙන රස්සාවල්. ඔවුන් දෙදෙනා අත්අඩංගුවට ගන්න ඕනේ." යන්නයි. මොවුන්ට මෙන්ම දත්ත මගඩිය සම්බන්ධයෙන් පෞද්ගලික සමාගමට හා එහි කාර්‍ය මණ්ඩලයට චෝදනා එල්ල වේ. නමුත් ඒ කිසිවෙකු සම්බන්ධයෙන් මෙතෙක් නිතීමය ක්‍රියාමාර්ග ගැනීමට යොමු වීමේ දැඩි ප්‍රමාදයක් ඇති බව නීති විශාරදයන් පෙන්වා දෙයි. සැබෑ තත්වය එසේ නම් මේ කුමන්ත්‍රණයට සම්බන්ධ වගකිවයුත්තන්ට එරෙහිව නිතීය ක්‍රියාත්මක වේදැයි යන්නයි.
Comments
Post a Comment
Your comment will be visible after approval