
මත්පැන් අලෙවිය සිදු නොවීම නිසා පසුගිය මාසයකට වැඩි කෝවිඩ් -19 අගුලු දැමීම් කාලය තුළදී රුපියල් කෝටි ගණනක බදු ආදායමක් රජයට අහිමිවී ඇති අතර එම පාඩුව දරාගැනීමට නොහැකි බැවින් මාර්‍ගගතව මත්පැන් අලෙවි කිරීමට සුරාබදු දෙපාර්තමේන්තුව අවසර දෙන්නට නැවත සලකා බලා තිබේ.
සුරාබදු කොමසාරිස් ජනරාල් එම්.ජේ.ගුණසිරි මහතාට මේ ගැන නැවත සිතන්නට කල්පණාවී ඇත්තේ පසුගිය 17 සිකුරාදා ජනතාව පොදිකමින් මත්පැන් මිලට ගැනීමට රොක්වීමෙන් පසුය.
විශාල එක්රැස්වීම් පාලනය කළ නොහැකි බවත් එමඟින් COVID-19 පොකුරු ඇති වන නමුත් බදු ආදායමේ අංශය පිළිබඳව ද රජයට සොයා බැලිය යුතු බව ඔහු පැවසීය.
මත්පැන් අවන්හල් වසා දමා මසකට බිලියන 15 ක් පාඩුවී ඇති බව ඔහු හෙළි කළේය.
කළු වෙලඳ පොලේ අරක්කු මිල ගණන් ඉහළ යමින් පවතින අතර, වර්තමාන තත්ත්වය යටතේ වැටලීම් සිදු කළ නොහැකි තත්වයක්ද ඉස්මතුවී ඇත.
උදාහරණ ලෙස කළුතර පොලෙන් ලබාගත් දේශීය මත්පැන් අධික මිල පිළිබඳ ලැබුණ පැමිණිල්ලක කියැවුනේ මිලි ලීටර් 750 ක අතිරේක විශේෂ අරක්කු බෝතලයක මිල රු. 1,600 සිට රු. 4000 වූ බවයි.
පසුගිය සති කිහිපය තුළ කළු වෙළඳපොලේ ඒවා රුපියල් 5,000 දක්වා ඉහළ ගොස් තිබුණි.
නීත්‍යානුකූල මත්පැන් අලෙවිය අවසන් වීමත් සමඟ නීති විරෝධී මත්පැන් ව්‍යාපාරය දියුණුවට පත් ව ඇති බවත් ඇතැමුන් නිවසේදී ස්ප්‍රීතු ආසවනය කිරීමට පවා යොමු වී ඇති බවත් කොමසාරිස් ජනරාල්වරයා පැවසීය.
මෙම තත්වය තුළ නැවත අන්තර්ජාලයෙන් මත්පැන් ඇණවුම් කිරීමේ අවස්ථාව සැලසීම වැදගත් යයි ඔහු පෙන්වාදී ඇත.
කෙසේ වෙතත් මීට පෙර අන්තර්ජාලය හරහා මත්පැන් අලෙවියට රජය අවසරදී තිබී එය මහජන විරෝධතා හමුවේ අකුළාගනු ලැබීය.
(Gossiplankanews.com)
Comments
Post a Comment
Your comment will be visible after approval