Deraniyagala-PS-Chairman-hospitalized-after-being-stabbed-by-his-girl-friend

කාන්තාවක එල්ල කරන ලද ප්‍රහාරයක් නිසා තුවාල ලද දැරණියගල ප්‍රාදේශීය සභාවේ සභාපති  රෝහල් ගත කර ඇතැයි වාර්තාවේ.
පසුගිය 04දා උදැසන  තම පුද්ගලික උවමනාවක් සදභා දැරණියගල දෙල්ඔළුව ප්‍රදේශයට රථයකින් ගොස් එම රථයෙන්ම දැරණියගල නගරය බලා එමින් සිටියදී  පෙ.ව. 10.30 පමණ දැරණියගල නගරයේ කඩයක් අසල නතර කරනවාත් සමග  කාන්තාවක පැමිණ ඔහු රථය තුළම සිටියදීම දැලිපිහියකින් මුහුණට ඇනීමට උත්සාහ කර ඇතැයි ඔහු සඳහන් කළේය.

වාර්තාවන ආකාරයට එසේ පැමිණ ඇත්තේ සභාපතිවරයාගේ අනියම් බිරිද යයි පැවසෙන කාන්තාවකි.
මුහුණ කැපීමට තැත්  කරද්දී බේරීමට උත්සාහ කිරීමේදී ඔහුගේ නාසය කැපී ඇති බව පොලීසිය පවසයි.
 මේ අවස්ථාවේදී ඔහුගේ රියදුරාද රථය තුළ සිට ඇති අතර, සිද්ධියෙන් පසු සභාපතිවරයා එම රථයෙන්ම සිය නිවසට ගොස් නාසයෙන් වැගිරී ගිය ලේ සෝදාගෙන  දැරණියගල පොලීසියට පැමිණ සිද්ධිය පිළිබඳ පැමිණිලි කොට ඇත.
සභාපතිවරයා දැරණියගල රෝහලේ ප්‍රතිකාර ලබන බවද පොලීසිය පවසයි.  ප්‍රහාරය එල්ල කරන ලද තැනැත්තිය අත්අඩංගුවට ගැනීමට පොලිසිය කටයුතු කරමින් සිටී.