
රුසියාවේ පළමුවැනි ගගනගාමියා වන යූරි ගගාරින් වෙනුවෙන් නිර්මාණය කළ ප්‍රතිමාවක් එරට සඛාලින් පළාතේ කසළ ගොඩක් තුළ තිබී හමුවීම් සිදුවීම සම්බන්ධයෙන් එම පළාතේ බලධාරින් පැහැදිලි කිරීමක් සිදුකළ යුතු බව එරට අභ්‍යවකාශ ඒජන්සිය වන රොස්කොස්මොස් සඳහන් කරයි.
එහි ප්‍රධානී දිමිත්‍රි රොගොසින් සිය ටෙලිග්‍රෑම් ගිණුමේ මේ පිළිබඳව සඳහන් කර තිබේ. ඒ අනුව මෙම ප්‍රතිමාව යළිත් පෙර තිබූ ස්ථානයේ ස්ථාපිත කිරීම සම්බන්ධයෙන් අදාළ බලධාරීන්ගෙන් විමසා සිටින බව දිමිත්‍ර එහි පවසා ඇත. එම පළාත හරහා ගලාබසින නෙවෙල්ස්ක් ගංගාවේ ඉවුරේ ගොඩගසා තිබූ කසළ අතර මෙම ප්‍රතිමාව තිබී ඇත.මෙම ප්‍රතිමාව තැත්පතක්කර තිබූ ස්ථානයෙහි ඉන්ධන පිරවුම්පලක් ස්ථාපිත කිරීම සදහා මෙම ප්‍රතිමාව ඉන් ඉවත් කිරීමක් සිදුකර ඇති බව සිදු කර ඇති පරික්ෂණවලින් අනාවරණය වී ඇත. ඒ අනුව ඉදිරියේදී මෙම ප්‍රතිමාව සුදුසු ස්ථානයක පිහිටුවන බව සඛාලින් පළාතේ ආණ්ඩුකාරවරයා පොරොන්දු වී ඇත.
Comments
Post a Comment
Your comment will be visible after approval