pcr-miximum-rate

පුද්ගලික රෝහල්වල සිදු කරන පී.සී.ආර්. සහ අන්ටිජන් පරීක්ෂණ සඳහා ලබන සතියේ සිට උපරිම මිලක් නියම කරන බව සමුපකාර සේවා,අලෙවි සංවර්ධන හා පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය ඇමැති ලසන්ත අලගියවන්න පැවැසීය.



ඇමැතිවරයා මේ බව ප්‍රකාශ කළේ සිය අමාත්‍යාංශයේ ඊයේ (05 වැනිදා) පැවැති මාධ්‍ය හමුවකදීය.

මෙම පරීක්‍ෂණ සඳහා පෞද්ගලික රෝහල් වැඩි මුදලක් අය කරන බවට පාරිභෝගික කටයුතු අධිකාරියට පැමිණිලි ලැබී ඇත.

ඒ අනුව පාරිභෝගික කටයුතු අධිකාරියේ නිලධාරීන්, මෙරට පුද්ගලික රෝහල් 45ක කළ සොයා බැලීමකදී අනාවරණය වී ඇත්තේ පී.සී.ආර්. පරීක්ෂණයක් සඳහා රුපියල් 5000 සිට රුපියල් 9550ක අතර මුදලක් අය කරන බවය.

ඊට අමතරව අන්ටිජන් පරීක්ෂණයක් සඳහා රුපියල් 2000 සිට රුපියල් 5900ක අතර මුදලක් අය කර ගන්නා බවද අනාවරණය වී ඇත.

එලෙස වැඩි මුදලක් අය කරන බවට තහවුරු වීමත් සමග එම අය කිරීම සාධාරණ මුදලක් දක්වා අඩු කිරීමට ලබන සිකුරාදා වන විට හැකියාවක් ලැබෙනු ඇතැයිද ඇමැතිවරයා සඳහන් කළේය.

චාමර පල්ලේගෙදර