
බ්‍රිතාන්‍යයේ ජාතික සෞඛ්‍ය සේවාවට අනුබද්ධව රාජකාරී කළ හෙදියක් සිය රැකියාව නිසා ඇති වූ ආතතියත් සමග ඉන් ඉවත්ව මේ වනවිට පූර්ණ කාලීනව දරුවන්ගේ උපන්දින සාද ඇතුළු උත්සව අවස්ථාවල නිරූපිකාවක ලෙසින් කටයුතු කරන අවස්ථාවක් එරට බක්ෂයර්. ප්‍රාන්තයෙන් වාර්තා වෙයි.
29 හැවිරිදි ලිඩියා වෙල්ෂ් 2014 වසරේදී සවුතම්ප්ටන් විශ්වවිද්‍යාලයෙන් හෙද සේවාව පිළිබඳ උපාධියක් හිමි කරගෙන ඇත. පසුව ඇය වසරක පමණ කාලයක් ජාතික සෞඛ්‍ය සේවාව හා බැඳී රාජකාරි කර තිබේ. එහෙත් හෙදියක ලෙස සිදු කිරීමට පැවරුණු රාජකාරී නිසාම තමන් දැඩි ලෙස විඩාවට පත් වූ බවත්, ඒ හේතුවෙන්ම තමන් මානසිකව කඩා වැටුණු බවත් ඇය පවසා සිටියි.ඒ අනුව හෙද වෘත්තියෙන් ඉවත් වන ඇය, තම පෙනුම යොදා ගනිමින් තමන්ගේම ව්‍යාපාරයක් ආරම්භ කිරීමට පටන් ගෙන ඇත.
එහිදී ඇය සුප්‍රකට ළමා කාටුන් කතාවල එන කුමාරිකාවක ලෙස ඇඳ පැලඳ ගනිමින් දරුවන්ගේ උපන්දින සාදවල නිරූපිකාවක ලෙස සහභාගි වෙයි.තමන් මෙම නිරූපණ කටයුතු ඉතාමත් සතුටින් සිදුකරන බවත්, හෙදියක ලෙස සිටි කාලයේදී දැනුණු ආතතිය, පීඩනය නොදැනෙන බවත් ලිඩියා පවසයි. "මට පැය 12ක රාත්‍රී සේවා මුරයක් ලැබුණා. ඒත් මගේ දිවා සේවා මුරය ඉවර වුණ ගමන්මයි. ඒ වගේම මෙතෙක් මම රාජකාරී කළ වාට්ටුවට වඩා වෙනස් වාට්ටුවක් මට ලැබුණේ. ඒ ගැන මට කලින් දැනුවත් කිරීමක් සිදු වුණත් නැහැ. එතැන වැඩ සිද්ධ වෙන හැටි ගැන මම මොනවන්ම දැනගෙන හිටියේ නැහැ.
හැබැයි මට රෝගීන් 15 දෙනෙක් බලාගන්න සිදුවුණා. එය දරාගන්න බැරි පීඩනයක්. ඒ නිසා වසරක් වැනි කාලයකදී මට හෙද වෘත්තිය එපා වුණා.” එහෙත් තවමත් එම හෙද වෘත්තිය පිළිබඳව පවතින කැමැත්ත සහ ගෞරවය එලෙසින්ම වන බව ලිඩියා පවසයි. ඇය සමග රාජකාරි හා සම්බන්ධ වූ මිතුරියන් රැසක් තවමත් හෙද වෘත්තියේ නිරත වෙති.රැකියාවෙන් ඉවත්වී සිටින කාලයේදී ඇගේ මිතුරික කුමාරිකාවක ලෙස සැරසී දරුවන් සතුටු කිමක් සම්බන්ධයෙන් යෝජනාවක් ඉදිරිපත් කර ඇති අතර, ඒ අනුව සැරසී ලබාගත් ඡායාරූප කිහිපයක් ඇය සමාජ මාධ්‍ය හරහා ප්‍රසිද්ධ කර ඇත.
ඒ අනුව මවුපියන් බොහෝ දෙනෙකුම සිය දරුවන්ගේ උපන්දින සාදය ඇතුළු උත්සව සඳහා ඇයට ඇණවුම් ලබාදී තිබේ. ඒ සමග ඇය 2016 වසරේදී Snow Princess Parties නමින් සිය ව්‍යාපාරය ආරම්භ කර ඇත.
අද වනවිට ඇය සතුව කණ්ඩායමක් සිටින අතර, ඇතැම් චරිත සඳහා බලයලත් අවසරයද ඇය හිමි කරගෙන සිටියි. ඒ අනුව දකුණුදිග බ්‍රිතාන්‍යයේ ස්ථාන හයකදී ඇය සිය ව්‍යාපාර කටයුතු සිදු කරයි. එහිදී මාසයකට උපන්දින සාදා 50ක් පමණ හිමිවන තත්වයට අද ඇය සිය ව්‍යාපාරය දියුණු කරගෙන ඇත.



Comments
Post a Comment
Your comment will be visible after approval