
පහළ බෝමිරිය මේධානන්ද මාවතේ හදිසියේ ඇද වැටී සිටි පුද්ගලයකු මියගොස් තිබේ. මෙසේ මරණයට පත්ව
ඇත්තේ මේධානන්ද මාවත, පහළ බෝමිරිය පදිංචිව සිටි සෑම් වික්‍රමතුංග රත්නායක (63) නමැත්තෙකි. පෙරේදා (17දා) පෙරවරුවේ මෙම තැනැත්තා මාර්ගයේ
වැටී සිටිනු දුටු ප්‍රදේශවාසීන් ඊට මීටර් සියයකටත් අඩු දුරක පදිංචි ඔහුගේ දියණියට මේ බව පැවසුවත්
තාත්තාට කොරෝනද දන්නෙත් නැහැ කියමින් ඔහුව රෝහලකට ගෙන යෑමට ඇය උනන්දු වී නැත.
පසුව ප්‍රදේශවාසියකු කඩයකින් මිලදී ගත් වතුර බෝතලයක් ඔහුට ලබා දී ඇති අතර ඔහු එයද
පානය කොට තිබේ. ඉන් පැය භාගයකට පමණ පසු මෙම තැනැත්තා වැටී සිටි තැනම මිය ගොස්
තිබේ.
ඉන් පසුව නවගමුව හදිසි මරණ පරීක්‍ෂක විශ්‍රාමික අධිකරණ රෙජිස්ට්‍රාර් ඩබ්.ඒ.කේ. නිමල් මහතා
එම ස්ථානයට පැමිණ මළසිරුර පී.සී.ආර්. පරීක්‍ෂණයකට සහ පශ්චාත් වෛද්‍ය පරීක්‍ෂණයකට යොමු කළේය.
සිය පියාණන් පාරේ වැටී සිටියදී රෝහල්ගත කිරීමට පියවර නොගත්තේ මන්දැයි මරණ
පරීක්‍ෂකවරයා මරණකරුගේ දියණියගෙන් විමසූ විට ඇය පවසා ඇත්තේ තාත්තා වැඩිපුර කොළඹ
ප්‍රදේශයේ සිටින නිසාත් කොරෝනා පැතිරෙන නිසාත් ඇයටත් දරුවන් දෙදෙනකු සිටින නිසාත්
පියා අසලට කිට්ටු වීමට බිය වූ බවයි. වෛද්‍ය වාර්තා ලැබුණු පසු මරණය පිළිබඳ තීන්දුව ලබා දෙන
බව මරණ පරීක්‍ෂකවරයා ප්‍රකාශ කළේය.
කඩුවෙල - සුගත් ලියනගේ
Comments
Post a Comment
Your comment will be visible after approval