jeewandara-speaks

ඩෙල්ටා සැර කොරෝනා වයිරසය ප්‍රභේදය මෙරට පැතිරෙන ආකාරය ගැන (හැසිරීම)  

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ආසාත්මිකතා ප්‍රතිශක්තිය සහ සෛල ජෛව විද්‍යාල අධ්‍යයන අංශය කළ පරීක්ෂණවලදී නවතම තොරතුරු රැසක් අනාවරණය කරගෙන ඇත.  ඒ අනුව මෙරට ව්‍යාප්තවන ඩෙල්ටා සැර කොරෝනා වයිරසය ප්‍රභේදය චීනයේ වුහාන් නගරයේ පැතිර ගිය වයිරස ප්‍රභේදයට සාපේක්ෂව පැතිරීමේ (ව්‍යාප්ත) ශීඝ්‍රතාව දෙගුණයකින් පමණ වැඩි බව පෙනී ගියේ යැයි එම අධ්‍යයන අංශයේ ප්‍රධානි ආචාර්ය චන්දිම ජීවන්දර මහතා පැවැසීය. එසේම මෙරට කලින් සුලබව පැතිර ගිය ඇල්ෆා වයිරස ප්‍රභේදයට සාපේක්ෂව ඩෙල්ටා සැර කොරෝනා වයිරස ප්‍රභේදයේ පැතිරීමේ ශීඝ්‍රතාව සියයට 40ත් 60 අතර අගයක් ගන්නා බවද හෙතෙම සඳහන් කළේය.




මෙරට මෙයට පෙර ව්‍යාප්තව පැවතුණු වයිරස ප්‍රභේදය ආසාදනය වූ පුද්ගලයකුගෙන් වයිරසය ඒ ආසන්න පුද්ගලයන් දෙතුන් දෙනකුට වයිරසය එකවර සම්ප්‍රේෂණය කිරීමේ හැකියාව පවතින බව පරීක්ෂණවලින් පෙනී ගිය බවත් ආචාර්ය චන්දිම තීන්දර මහතා පැවසුවේය.  ඩෙල්ටා සැර කොරෝනා වයිරස ප්‍රභේදය සම්බන්ධයෙන් තවදුරටත් කරුණු සොයා බලා ගෙන යන බව ආචාර්යවරයා   සඳහන් කළේය.  ඩෙල්ටා සැර කොරෝනා වයිරස ප්‍රභේදය ආසාදනය වූ රෝගීන් 124 දෙනකු පසුගිය දිනවල හඳුනාගනු ලැබුවේද ආචාර්ය චන්දිම තීන්දර මහතා ඇතුළු පර්යේෂකයන් කණ්ඩායමක් විසිනි. ඒ ඔවුන් කළ ජාන අනුක්‍රමණය  (විශ්ශේෂණ) පරික්ෂණවලදීය. ජාන අනුක්‍රමණය පරික්ෂණ තවත් වටයක් ඉදිරි දිනවල යළි ආරම්භ කිරීමට නියමිතව ඇතැයි ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨය පවසයි.


 -සුජිත් හේවාජුලිගේ-