
පිලියන්දල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී - වෛද්‍ය ඉන්දික එල්ලාවල මහතාට කොරෝනා රෝගය ආසාදනය වී ඇත. ඔහු ආශ්‍රිත කාර්ය මණ්ඩලයට පීසීආර් පරීක්ෂණ සිදු කර ඇති අතර වෛද්‍යවරයා නිරෝධායනයට යොමුවී තිබේ.
ඔහු පසුගිය දිනවල කොරෝනා රෝගීන් හා නිතර කටයුතු කරමින් සිටියේය.
-----
මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතාටද කොරෝනා වෛරසය ආසාදනය වී ඇත.
එම කොමිෂන් සභා කාර්යාල සේවකයින් කිහිපදෙනෙකුටද ආසාදනය වී ඇත.
මේ හේතුවෙන් මැතිවරණ කොමිෂන් සභා කාර්යාලය පසුගිය 13 සිට තාවකාලිකව වසා ඇත.
සමන් ශ්‍රී රත්නායක මහතා නිරෝධායනය වන අතර ඔහුගේ පවුලේ අයටද කොරෝනා වැළඳී ඇතැයි දැනගන්නට ලැබේ.
Comments
Post a Comment
Your comment will be visible after approval