
සිගරැට්, සුරුට්ටු හෝ වෙනත් දුම්වැටි පාවිච්චි කරන්නන් කොවිඩ් මරණවලට ගොදුරු වීමේ වැඩි ප්‍රවණතාවක් ඇතැයි කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා පැවසීය.
එවැනි කොවිඩ් මරණ කිහිපයක්ම පසුගිය දිනවල වාර්තා වූ බව ද හෙතෙම සඳහන් කළේය. දුම් පානය හේතුවෙන් පෙනහළුවල ක්‍රියාකාරීත්වය දුර්වල වන බවත්, එවැනි අයට කොරෝනා වැළඳුණු විට කොවිඩ් නියුමෝනියා තත්වය ඉතාම ඉක්මනින් ළඟා විය හැකි බවත් විශේෂඥ වෛද්‍යවරයා පැවැසුවේය.
දුම් බොන්නන් ළඟ සිටීම නිසා බොහෝ දෙනා නිතැත් දුම් පානයට (Passive Smoking) ගොදුරු වන බව පැවසූ දීපාල් පෙරේරා මහතා, ඒ ආකාරයට දුම් ශරීරගත වීම ද අවදානම් සහගත බව ද සඳහන් කළේය. දුම් පානය කරන අය ළඟ සිටින දරුවන්ට ද මේ ආකාරයට සිගරැට් විස දුම ශරීරගත විය හැකි බවත්, එවැනි නිතැත් දුම් පානයට ගොදුරු වන දරුවන්ට කොවිඩ් වැළඳුණහොත් ඔවුනට බරපතළ සංකුලතා මතු වී මරණය පවා සිදුවිය හැකි බවත් ඔහු පැවසීය.
සුජීත් හේවාජුලිගේ
Comments
Post a Comment
Your comment will be visible after approval