
ලබන අඟහරුවාදා (17) සිදු කිරීමට සැලසුම් කර ඇති අමාත්‍ය මණ්ඩල සංශෝධනය සම්බන්ධයෙන් මීට දින දෙකකට පෙර අප වාර්තා කළ ඇතැම් පුද්ගල නාම මේ වනවිට වෙනස්ය. ජනාධිපති කාර්යාලය ආරංචි මාර්ග අනුව
සෞඛ්‍ය අමාත්‍ය ධුරය රමේශ් පතිරණ ඇමතිවරයාට මාරු නොවන අතර තවදුරටත් පවිත්‍රා වන්නි ආරච්චි මහත්මිය සෞඛ්‍ය ඇමතිනිය හැටියට කටයුතු කරනු ඇත.
අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් විදේශ කටයුතු අමාත්‍ය ලෙසත් විදේශ කටයුතු අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන අධ්‍යාපන හා උසස් අධ්‍යාපන අමාත්‍ය ලෙසත් පත් කිරීමට නියමිතව ඇති අතර ප්‍රසන්න රණතුංගට අධ්‍යාපන භාර දෙන්න යන කතාව වෙනස්වී ඇත..
ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල විදුලි බල අමාත්‍යවරයා ලෙසත් විදුලි බල ඇමති ඩලස් අලහප්පෙරුම ජනමාධ්‍ය ඇති ලෙසත් තනතුරු මාරු කරගනු ඇති බව නවතම වාර්තාවල දැක්වේ.
Comments
Post a Comment
Your comment will be visible after approval