
ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සභාපති වෛද්‍ය රසිත විජේවර්ධන සහ ඖෂධ නිෂ්පාදන නීතිගත සංස්ථාවේ සභාපති උත්පල චන්ද්‍රවංශ සිදු කළ පැමිණිල්ලකින් දැක්වෙන්නේ වෛද්‍ය ජයරුවන් ජාතික ඖෂධ නියාමන අධිකාරියේ දත්ත වාර්තා මකා දැමීමේ සිද්ධිය සම්බන්ධ කළ හෙලිදරව්ව විමර්ශනය කළ යුතු බවකි.
ගතවූ දින කිහිපය තුළ වෛද්‍ය ජයරුවන් මාධ්‍ය ඉදිරියේ සිදු කළ ප්‍රකාශ අතර දත්ත මකාදැමීමේ සිද්ධිය , ඇන්ටිජන් වංචාව හා ඖෂධ නිෂ්පාදනයේ පවතින අක්‍රමිකතා ආදිය විය.
ඖෂධ පිළිබඳව මාධ්‍ය සාකච්ඡාවක දී කළ විග්‍රහයක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාගැනීම සඳහා හෙට 31 අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙසට ඔහුට දැනුම් දී තිබේ.
Comments
Post a Comment
Your comment will be visible after approval