
පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයට යුක්තිය ඉටුනොවීමට විරෝධය පළකරමින් අද (21) සෑම නිවසකම කළුකොඩි ඔසවන ලෙස අගරදගුරු පදවිය මහජනතාවගෙන් ඉල්ලීමක් කර තිබේ.
පාස්කු ඉරුදින ප්‍රහාරයට වගකිවයුත්තන්ට එරෙහිව දැනට ගෙන ඇති නෛතික ක්‍රියාමාර්ග පිළිබඳ සෑහීමකට පත්නොවන බව පවසමින් කතෝලික සභාව ඉකුත් ජුලි මස ජනාධිපතිවරයාට පිටු 19 කින් යුත් ලිපියක් ද යොමුකර තිබුණි.
ඒ අනුව, ප්‍රහාරයට වගකිවයුතු අය නිසි ලෙස මෙතෙක් හෙළිදරව් කිරීමට රජය අපොහොසත්වීම හේතුවෙන් කතෝලික සභාව විසින් අද සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරමින් දිවයින පුරා කළුකොඩි එසවීමට තීරණය කර තිබේ.
අද පෙරවරු 8.45ට දේවස්ථානවල මළ සීනුව නාද කර බෝම්බ ප්‍රහාරයෙන් මියගිය අය සිහිකිරීමට නියමිත අතර පෙරවරු 8.45 සිට 9.45 දක්වා දේවස්ථානවල යාඥා මෙහෙයක් පැවැත්වීමට නියමිතය.
එමෙන්ම පස්වරු 7 සිට 8 දක්වා නිවාසවල සිට ජපමාලය උච්චාරණය කර යාඤා කරන ලෙස ද බැතිමතුන්ගෙන් ඉල්ලා සිටින බව කතෝලික සභාව පවසයි.
Comments
Post a Comment
Your comment will be visible after approval