
කොරෝනා ආසාදිතවූ රාගම රෝහලේ වෛද්‍ය මොහොමඩ් ජනන් මහතා අද (18) උදෑසන ජීවිතක්ෂයට පත්වූ බව වාර්තාවේ. රෝහලේ ප්ලාස්ටික් ශල්‍ය වෛද්‍යවරයෙකු ලෙස ඔහු සේවය කළේය.
මියයන්නට පෙර සති දෙකක් පමණ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලැබූ බවද වාර්තාවේ. 34 වියේ පසුවූ ඔහු කොරෝනා එන්නත් මාත්‍රා කිසිවක් ලබානොගත් වෛද්‍යවරයෙකුවීම විශේෂිතය.
මේ අතර ඉරිදා අයිලන්ඩ් (Sunday Island) ඉංග්‍රීසි පුවත්පතේ ප්‍රධාන ප්‍රවෘත්ති කර්තෘ ලෙස සේවය කරමින් සිටි සුරේෂ් පෙරේරා මහතා කොරෝනා රෝගයට ගොදුරුවී ඊයේ (18) සවස අභවප්‍රාප්ත වූයේය. කළුබෝවිල රෝහලේ ඔහු ප්‍රතිකාර ලබමින් සිටියේය.
මියගිය සුරේෂ් පාර්ලිමේන්තු වාර්තා කරුවෙකු ලෙස 1985-2005 කාලයේ හසල අත්දැකීම් ලැබූ මාධ්‍යවේදියෙකි.
Comments
Post a Comment
Your comment will be visible after approval