
ඇන්ටිජන් හා පීසීආර් පරීක්ෂණ සම්බන්ධ පිරිවැය ව්‍යුහයන් පිළිබඳව ඊයේ (04) දින පාරිභෝගික කටයුතු අධිකාරියේ සාකච්ඡාවක් පැවැතිවිණි.
දැනට දිවයිනේ තිබෙන පෞද්ගලික රෝහල් විසින් විවිධ මිළගණන් යටතේ ඇන්ටිජන් සහ PCR පරීක්ෂණ සිදුකරනු ලබන බැවින් එම තත්ත්වය පාලනය කිරීම සඳහා අදාළ ආයතන අමාත්‍යාංශය වෙත කැඳවා තිබූ අතර දැනට අයකරනු ලබන ගාස්තුවල ඒකීයත්වයක් මෙන්ම එම පරීක්ෂණ ගුණාත්මකව හා ඒ සඳහා ගෙවන ගාස්තු අඩුකර ගැනීම අරමුණු පැහැදිලි කර තිබුණි.
දැනට අයකරන ගාස්තු ඉතා අධිකවන බැවින් PCR සඳහා රු.6,000/- කටත්, ඇන්ටිජන් පරික්ෂාව සඳහා රු.1,750/- කටත් අඩුකර ලෙස උපදෙස් ලබාදෙන ලදී.
සෞඛ්‍ය අමාත්‍යාංශය, ශ්‍රී ජයවර්ධනපුර රෝහල් පශ්චාත් වෛද්‍ය මධ්‍යස්ථානය, පෞද්ගලික සෞඛ්‍ය සේවා නියාමන සභාව, පෞද්ගලික රෝහල් සහ සාත්තු නිවාසවල සංගමය මෙයට එක්ව තිබුණි.
මෙම අවස්ථාව සඳහා අමාත්‍යාංශ ලේකම්තුමා, පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ සභාපතිතුමා ඇතුලු නිලධාරීන් සහභාගී වී තිබේ.

Comments
Post a Comment
Your comment will be visible after approval